ඈත මරු කතර මැද
මිහිමඬළ දැදුරු
කර
වාලුකාවෙන්
උපන්
නීල දිය දහර
පිරි
විලක් විය පැන් බෙදන
හුදකලා කෙම්
බිමේ
තුරුලතා සෙවන
යට
මඳ පවන විඳ
නිබඳ
පවස සරැතැස
නිවන
ගිමන සනහන සොඳින
ගමන සතපන නිමෙස
නන් දනා හෙළා
ගිය
අබිළිදෑ කුණු කසළ
කිළිටි සඟවා
ගතිමි
හොවා ළෙහි පතුළේම
ජීරණය වන පිණිස
නොකැළතී
යනෙන උන් නැති
සඳ
ඒ පාළු ඉසව්වේ
කතර තරණය කරන
ගැල් සාත්තුවක
හිඳි
කොළු කුරුට්ටෝ
රෑන
නිසළ දිය සසළ
කර
ගැසුවෝය ගල්
අහුරු
පෑදි දිය බොර
වෙන්න.
දැහැන් ගත වී
වින්ද
සමාධිය බිඳ
වැටිණි
වැලි කුණාටුවක්
සේ
මහත් සංවේගයෙන්
රළ පතර සළිත
විණි
පාරවන සිත තනන
වැහි කුණාටුවක්
විත්
මල් වැස්ස වහින
තුරු
දැහැන් ගත
වෙමි යළිත්
මල්ලිකා එම්
බණ් ඩාර
21. 10.
2021
No comments:
Post a Comment