නුඹ
හිඳී මා අසල හිඳගෙන
ඒත්
අප නුදුරක නොවේ
ගව්
ගණන් හිත පියාඹා ගොස්
නිසල
කය පමණක් හිඳී
සුසුම්
වැල් බිඳ වැටෙන මානේ
පිය
තෙපුල් ගොළුවී මිඳී
හිතේ
හිරිගඩු පිපෙන සිහිතල
මිසක
උණුසුම නැත රැඳී
අස්
ලොමක හිඩසකින් වෙන්වුණ
අඩවියක
අපි තනිවෙලා
දැත්
පටලා පිය නඟන්නෙමු
බඹ ලොවක වල්මත් වෙලා
මිළින
වී ගිය දැස නිසලය
අලස
සිතිවිලි දියවෙලා
දහක්
දියඇද කළස බිඳුනා
නියං
කාලය එළඹිලා
මල්ලිකා
එම් බණ්ඩාර
09. 05. 2021
No comments:
Post a Comment