Wednesday, 6 October 2021

සුභ ගමන්!

 


පුන් පෝය ගෙවී ගිය නවම් මහ දොර ගාව​

හඳ කිරණ ඉහිරිලා අහස් ගැබ පුරහාම​

දිග හැරුණ දියඹ මත රළපතර බිඳුනාම​

ලොව කෙතෙක් සුන්දරද සිතමි මම හැමදාම​ ​

 

රාසිගෙ අව්වැල්ල තැවරිලා දුටුවාම​​

කරවටක්  කිමිද සිතිජය ඉමේ ගිළුනාම​ ​

මිහිමඬළ සිප වැළඳ සුභ ගමන් කීවාම​

සමුදුනිමි හෙට යළිත් දකින්නට අද සේම​

 

මල්ලිකා එම් බණ්ඩාර​

 05. 04. 2021

No comments:

Post a Comment