Wednesday, 6 October 2021

සකිසඳිනේ

 


සපු කැකුළක්සේ පිණි මල්වැස්සේ

පූදින්න​ සුවඳ දී​ හිමිදිරියේ

වැහි වළාකුළක් සේ කඳු මුදුනේ

දැවටිළා ඉන්න​ මා සකිසඳිනේ

 

හිරු මල පරවී නටුවෙන් ගිළිහී

බොඳ වෙලා සිතිජ ඉම යයි  සැඟ​වී

නෙත හඬා වැටෙන පැතුමක් තනිවී

හිතකොනේ සැඟවිලා ඇත මැළවී

 

අතුපතර මුවාවී ඉකිබිඳිනා

කෝකිලාවියේ ගී තණු ගොතනා

කිරි කවඩි සිනා දෝතක් පුරවා

හමුවෙන්න හෙටත් මා හිත​ නළවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

9.04. 2021

No comments:

Post a Comment