සපු කැකුළක්සේ පිණි මල්වැස්සේ
පූදින්න සුවඳ දී හිමිදිරියේ
වැහි වළාකුළක් සේ කඳු මුදුනේ
දැවටිළා ඉන්න මා සකිසඳිනේ
හිරු මල පරවී නටුවෙන් ගිළිහී
බොඳ වෙලා සිතිජ ඉම යයි සැඟවී
නෙත හඬා වැටෙන පැතුමක් තනිවී
හිතකොනේ සැඟවිලා ඇත මැළවී
අතුපතර මුවාවී ඉකිබිඳිනා
කෝකිලාවියේ ගී තණු ගොතනා
කිරි කවඩි සිනා දෝතක් පුරවා
හමුවෙන්න හෙටත් මා හිත නළවා
මල්ලිකා එම් බණ්ඩාර
9.04. 2021
No comments:
Post a Comment