Thursday, 1 December 2022

මරණ දැන්වීම​

 


යොදා බලමුළු විදා අණසක

 පැහැර ගන්නට නොහැකිවූ බව  

දැනී පිරිසිඳ මහද විජිතය ​

 වෙලා විරසක නිගා කළෙහිය​! 

 වගාඩම්බර දොඩා නුඹ මට


 නුඹට පෙම්කළ නුඹත් පෙම්කළ  ​

මගේ හසරැල් සුණුවිසුණු කළ

ළසෝ ගිනි දැල් ලවා සිත් මල

අසුරු සැණෙකින් මළානික කළ​​

 

ඉරත් නොදිළුන සඳත් නොනැඟුණ​

අඳුරු මේකුළු අහස  පාවුණ​

ඉඳුරු පුර සරසවි බිමේදී

පෙම් පුරාවත බිඳී ඉහිරුණ​

 

මතක දැහැනේ තාම දැවටෙන​

සොඳුරු හිල්ඩා පහය අබියස​

මගේ දෙනුවන් සයුරු තටයේ

නිසල දිය කඳ දෙබෑ කළ දින​

 

හඬා වැළපී නුඹෙන් සමුගෙන​

දශක ගණනක් ගෙවී ගිය තැන​

නුඹත් සමුගත් වග ඇසූවෙමි

නුදුරු දවසක යළි නොඑන්නම​ 


 ළහිරු දුටු තැන​ සැණින් වියැකෙන​

පිනි පොදක්සේ තණ'ග දිළියෙන  

හමුව වෙන්වුණ ලෙසින් දිවි මඟ​ 

නික්ම යන්නට කිම්ද කාරණ?​​


මල්ලිකා එම් බණ්ඩාර​

30.11. 2020

No comments:

Post a Comment