Thursday, 6 October 2022

තනිවූ අල්තාරය​

 ඇදිලි බැඳගෙන දෙවිඳු පාමුල

හෙමින් මිමිණෙත​ යාතිකාවක්

ඉටිපහන් සිළ මඳ අඳුර බිඳ​

ගයත නිසසල​ ගීතිකාවක්

 

ඉහිරිලා ගිය​ රුහිරු ලෝහිත

මිදුණු අල්තාරයේ මුදුනත​

දොවා ලන්නට හැකිද කවදා

ගලා හැලෙනා කඳුළකින් නෙත​

 

දෑත දිගු කර අපව කැඳවා 

බලා හිඳිනා කුරුස ගහ මත​  

මුදාහල මැන සමිඳ අප වෙත​

ප්‍රේමයේ අති පරම​ උල්පත​

 

දෙපා යුග බැඳි බැමි සිඳෙන්නට​

හඬන වැළපෙන සිත් නිවන්නට​

වතක හසරැල් මල් පිපෙන්නට​

සමිඳ පුදසුන වෙතට සපැමිණ

පූපයක්වී නිවන් මා සිත​ 


මල්ලිකා එම් බණ්ඩාර​

21. 04. 2022

No comments:

Post a Comment