Monday, 3 October 2022

බාල වියේ කුමාරියේ

 

සේපාලිකා මල් අහුලා

ඉහිරුණ සුදු වැලි තලයේ

ගොතා නුඹේ ගෙල පැළඳූ

මල්දම කෝ සුරතලියේ

 

ඉරටු කෑලි වල අමුනා

පැළඳූ කොස් කොළ ඔටුන්න

නුඹේ විජිතයේ රජකම

තවමත් උරුමද කියන්න

 

ලෝල වඩන මුදු වදනා

සඳුන් අඳුන් සිත තවනා

ගිළිහී ගිය හිත නිවන්න​

සිනා පොදක් එවාපන්න

 

නේක ඉසුරු පිරිවර මැද

බරවුණ හිත පහන් වෙන්න

බාල වියේ කුමාරියේ

යළි මගෙ ලෝකෙට වඩින්න

 මල්ලිකා එම් බණ්ඩාර

12. 02. 2022

No comments:

Post a Comment