ශුද්ධ
භූමියක සේ පියෙන් පිය ඔසවා
මහත්වූ
ස්නේහයෙන් මහ පොළොව සිප ගතිමි
කාලයේ
කුරිරු බවවහන් වෙන්නට නොදී
නැහැපුඩුව
තෙරපාන පිවිසුනේ
නැවුම්
සුවඳක් නොවේ
අකල්
වැහි කුණාටුව කරටියෙන් බිම හෙලූ
සෝ
සුසුම් කඳුළු දහදිය මුඟුරු වපුරාපු
යොවුන්
දූ පුතුන් ගේ ලේ සුවඳ උරාගත්
රත්
පැහැති පස් කඳුය නිම්නයේ දැවටුණේ
හිරිගඩු
පිපෙද්දී දකුණු දෙස මිහිතලය
ලවණ
රස රළ බිඳෙන උතුරුකරයේ වැල්ල
දස
අතේ විසිර ගිය බිඳුණු ඇටකටු කැබෙලි
පැටළුණා
සවන් තල යදින යාදිනි සැහැළි
දසක
ගණනක් පුරා දැයක් ගොඩනඟන්නට
වෙර
දරා දිවි පිදූ යොවුන් දූ පුතුන් ගේ
අවසාන
නවාතැන සමාදානයේ වැද හොවින්නට
ඉඩ
හසර නැති කමින් නඟන හඬ
පව්කාර
මිනිසුනි නෑසිණිද නුඹලාට?
මල්ලිකා එම් බණ්ඩාර
1.
10. 2022
No comments:
Post a Comment