Monday, 3 October 2022

තල්පතක් ළඟ පන්හිඳක්

 

තරු කැකුළු මල් පිපෙන යාමේ

අඳුරු සළුවෙන් වසා සියොළඟ

කඳු සිරස නිදි සුව සොයද්දී 

ළපටි සඳපත සදිසි නුඹෙ වත

මද සිනා නැඟුවා

 

නීල මිණිකැට වගේ දිළියෙන

යාන්තම් අඩවන් නුවන් අග

ලිහී ඉහිරෙන ගීතයක පද

තල්පතක්වූ පන්හිඳක් ළඟ

මගෙ නෙතේ ලීවා

 

බිඳෙන දුනුදිය අගින් ගිළිහී

මිදෙන ඊතල පෙළක් වාගේ 

මගේ හදගැබ පතුළ ඇමිණී

සුවහසක් සිතුවිලි වෙලාගෙන

නුඹ හෙමින් ආවා

 

මල්ලිකා එම් බණ් ඩාර

26. 08. 26

No comments:

Post a Comment