Monday, 3 October 2022

තල්පතක් ළඟ පන්හිඳක්

 

තරු කැකුළු මල් පිපෙන යාමේ

අඳුරු සළුවෙන් වසා සියොළඟ​

කඳු සිරස නිදි සුව සොයද්දී 

ළපටි සඳපත සදිසි නුඹෙ වත

මද සිනා නැඟුවා

 

නීල මිණිකැට වගේ දිළියෙන​

යාන්තම් අඩවන් නුවන් අග​

ලිහී ඉහිරෙන ගීතයක පද

තල්පතක්වූ පන්හිඳක් ළඟ

මගෙ නෙතේ ලීවා

 

බිඳෙන දුනුදිය අගින් ගිළිහී

මිදෙන ඊතල පෙළක් වාගේ 

මගේ හදගැබ පතුළ ඇමිණී

සුවහසක් සිතුවිලි වෙලාගෙන​

නුඹ හෙමින් ආවා

 

මල්ලිකා එම් බණ් ඩාර​

26. 08. 26

No comments:

Post a Comment