Monday, 3 October 2022

නෙත් කොණින් බලා

 

සිත් දැහැන සසලනා

චල නෙත් කොණින් බලා 

සවණ නුරා ගී තවරණ​

මත් කෙවිල්ලියේ

 

බිඟු දැල් පවන් සලනා   

 දැවටෙන්න​ මල්‍ රැහැණේ  

මදිරා පිරූ උද්‍යානයයි 

නුඹ මන්ද හාසිනියේ


සඳ කිරණ කළතනා

විල් තෙරේ දැවටෙනා  

රළ පතර​සේ  දොවන  මා සිත​  

සොඳුරු පිය ළඳේ


වන පෙතක තනිවෙලා

මඟ නොදැන මංමුලා    

නුඹ අරුන්දතී  තාරකාව  

 පාර කියා දුන්  



මල්ලිකා එම් බණ්ඩාර​ 

 16. 08. 2022

 

No comments:

Post a Comment