කුසේ ගිනි මැළ නිවන මඟ මිස
නොදැන අකුරක්
මළපොතේ
කන්ද කල්වරි
නැංඟෙ කුරුසිය
දරාගෙන මගෙ උරපතේ
කටු සැමිටි
කස පහර ඉවසා
ගොල්ගොතා
පුදසුන මතින්
වන්දි ගෙව්වේ නුඹට නිවහල්
මංතලා ඉදිවෙන
ලෙසින්
සිනිඳු සළුපිළි ධවල මුතුහර
නැතත් සියොළඟ
සරසවන්නට
තුන් යමේ
බැතිපෙම් උපදවා
අකුරු කෙරුවා
නුඹත් සොඳවා
මගේ දෑසින් නුදුටු නුවරක
යශෝරාවය දසත පුරවා
අපේ හත්මුතු සනුහරේටම
කිත්මිණෙන් සැදි කිරුළු දැරුවා
මල්ලිකා එම්
බණ්ඩාර
1.02. 2024
No comments:
Post a Comment