බුදුබණ කියාදී මඟහරවන නොමඟ
ගුණ ණැන උපදිනා සිප්සතදී නොමද
යාදෙක නොරත රත පාහන්නට බැරුව
දබරින් ඇවිත් දුව දරු තිදෙනා සමඟ
බිඟු රොන් සොයති මල් පූදින ඉසව්වේ
මනරම් සිහින බොඳවූ සිත් දනව්වේ
හැර පට ලිහිල්වී දෑඟිළි බැඳිල්ලේ
වල්මත් වුණාදෝ පෙම් පලහිලව්වේ
හැඬැවූ මිණි කිකිණි රන් නූපුර ජාලා
මුනිවත රකී රතැඹුල් විල කළතාලා
මා හද අඳුරු ලෙන සුවඳින් පුරවාලා
වදනක් දොඩාපන් සවණත නළවාලා
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment