දකුණත් ශාඛා වැඩමෙව් සිරි සඟමිත් මාතා
රන් තලියේ හිඳි සමිඳුන් හොවමින් රජ දෝතා
මව්වරුනට දුන් උරුමය කෙළෙසුවෙ කිම මෑතා?
මව් සෙනෙහස
බිඳී ගියා කහවනු පොදි බැම්මේ
වැටද නියර එක
හුස්මට පැළපත කා දැම්මේ
ළා බෝපත් තැලී
ගියා දළ සුළඟේ ගැම්මේ
මහමෙව්නා සෙල්
පිළිමය ඉකිබින්දා අම්මේ
විත් බිඳ දමන
රොන් මුවරද එකතු කළ
මත් බමරුන්ට
සංසිඳවන පිණිස දොල
පත්මෙක සුවඳ
සත් සිය ගව් හමන කල
සත්හට පත් විපත සකිසඳ කිමද බල
රාගිනි මැළ දළුලනකොට වස් දොස් නැති නිම්මේ
රත් පළසට බොල් බිජුවට පූදින්ටද දැම්මේ
තිස්තුන් කෝටියක් දෙවිඳු දිව්වා එක පිම්මේ
ඇත්තුත් කන්තල වැනුවා රන්මැලිසෑ බැම්මේ
රජ මැතිඳුන් පුද පෙත්දී පඬුරු බඳින පෝදා
ළඳුනට කිළිකුණු වැට බැඳ පැනවිණි නෙක බාදා
මළකුණකට දවටා
ඇති රන් සළු පිළි සෝදා
රන්වැට ළඟ වැඳ
වැටෙන්න යමු තුන් සිත පාදා
මල්ලිකා එම් බණ්ඩාර
31. 05. 2026
No comments:
Post a Comment