ඉරා මිහිදුම් පටළ මතකයේ වන පෙතේ
කඳු මුදුන සිප
හමන මුදු මන්ද මාරුතේ
තැම්පාන ජල
තලය ජනිත වෙයි මගෙ හිතේ
හීන් රල පතර
සේ විසිර යන දස අතේ
සිනා සලනා සැණින්
යළිඳු කෑකෝ ගසන
කෙළි දෙලෙන් එළිමහන් රඟ මඩළ වැද කෙළින
යොවුන් කුමරියො ජාල පන්දුවට පොර බදන
මගෙ මතක මීන රැල දැල් පටින් සිර කරන
නුඹෙ නැවුම්
මදහාස යළි යළිත් ලුහුබඳින
මගෙ දෑස කෙළි
බිමේ සිසාරා යයි සැණින
තනිකමක් වෙළාගෙන සිහින් සැතකින් සිඳින
නුඹේ රුව බොඳ
වෙලා මැකීයයි නොමහැඳින
කඳු වළල්ලෙන්
එපිට ගම් පියස කෙලවරේ
ඒ සොඳුරු සෙවන
හැර ආ නමුදු නුඹ කෙරේ
බැඳුණු සිත
නොවෑවෙන නුහුරු නුපුරුදු පුරේ
හිඳිමි නුපුබුදු
කැකුළ සඟවාන ළය තුරේ
අහස කොතරම්
දුරද නොපෑහෙන මානයේ
පහස නොලදිම්
සරද සඳ නැඟුන යාමයේ
තරු එළිය දුටිමි සසලවන සන්තානයේ
මියුලැසී හිඳින්
යළි හමුනොවන මානයේ
මල්ලිකා එම්
බණ්ඩාර
9. 07.2026
No comments:
Post a Comment