පොල්
අතු රටාවට මිඳුලේ අතුගාන
ඉදලේ
ඉරටු මුමුණයි හද බැඳි හීන
අරුණළු
බිඳර රන් කහවනු අතුරාන
හිරු
හිනහුනා කඳු මුණතේ තවරාන
පැලපත
ගොයම මත පිනි කැට
වපුරාන
හිමකර
සැඟවුණා ගුවනත සරහාන
වනමල්
සුවඳ මඳ සුළඟින් වගුරාන
තුරුපත්
සැලුණි නව දවසක් කැඳවාන
දෙණිපෙත
විහඟ සැණකෙළියට අඬගාන
බෙදුවා සුබ
නැකත ගමටම සැවුළාන
මහ ඇළ ගලයි ගී
තනුවක් කොඳුරාන
කඳු රැජිණිය
හිඳී හසරැළි දවටාන
ඉස ඉස පිනි
දියර ලද පස් මල් සේම
නිසි ලෙස පුබුදු කළ සිත් මල මනරාම
රසඳුන් උලා
නෙතු හිණිපෙත රැඳුනාම
තුටු පහටුව
හිඳී නුඹ අම්මා සේම
මල්ලිකා
එම් බණ්ඩාර
11. 11. 2023