Sunday, 26 November 2023

සඳුන්රුක් කන්ද

 



පොල් අතු රටාවට මිඳුලේ අතුගාන

ඉදලේ ඉරටු මුමුණයි හද බැඳි හීන​

අරුණළු බිඳර රන් කහවනු අතුරාන

හිරු හිනහුනා කඳු මුණතේ තවරාන​

 

පැලපත ගොයම මත පිනි කැට වපුරාන​

හිමකර සැඟවුණා ගුවනත සරහාන​

වනමල් සුවඳ මඳ සුළඟින්  වගුරාන

තුරුපත් සැලුණි නව දවසක් කැඳවාන

 

දෙණිපෙත විහඟ සැණකෙළියට අඬගාන​

බෙදුවා සුබ නැකත ගමටම සැවුළාන

මහ ඇළ ගලයි ගී තනුවක් කොඳුරාන

කඳු රැජිණිය හිඳී හසරැළි දවටාන​

 

ඉස ඉස පිනි දියර ලද පස් මල් සේම​

නිසි ලෙස​ පුබුදු කළ​ සිත් මල මනරාම

රසඳුන් උලා නෙතු හිණිපෙත රැඳුනාම​ ​

තුටු පහටුව හිඳී නුඹ අම්මා සේම​

 

මල්ලිකා එම් බණ්ඩාර​

11. 11. 2023

No comments:

Post a Comment