ඉල් මහේ වැහි ඇද වැටී
දඹ ගහේ පල බිම හෙලා
දෙගොඩ තැළුවා ගම ඉහත්තාවේ
කඳු සිඛර දෝවා
විසි වසක් සිඳු පතුළ සැඟවුණ
නුහුරු මඟ තොට පිය මනින කොට
මතක එකිනෙක හිතේ පිපුණා
රත් කැවිල යායක් වෙලා
ලෙනේ දොරගුළු වැටී ඇතිමුත්
මතක සුවඳම ලුහුබඳින්නේ
ගිමන්හලකින් අතීතය දකිනා
නාඳුනන්නිය, නුඹේ උරුමය
අනන්තය පමණයි!
මියැදි ඊයේ යළි නොඑනු ඇත
නොදුටු හෙට වත්මනම වෙනු ඇත
සිපිරි ගෙය නොව නුඹේ උරුමය
විසල් නිල් අහසයි
මල්ලිකා එම් බණ්ඩාර
17. 11. 2023

No comments:
Post a Comment