නුදුරු ගම් වැසි කෙළෙඹියානනි
අතර මඟ ගම් දොර අසල හිඳ
නුඹ පිදූ දැසමන් සිනා දම
පැළඳ ගත්තා මං
හුදකලා ගං ඉවුර අසබඩ
සැඳෑ හිරු සිතුවම් අඳින සඳ
නුඹේ වස්දඬු නඳින් මත්වී
මගේ හදවත දුනිමි උගසට
අසෙණි වැහි කළු මුදුන් වීගෙන
මුරුගසං වැහි ඇද වැටෙන සඳ
මියුරු ගී තනු බොඳ වුණාසේ
සබඳ අප වෙන්වුණේ කෙලෙසද?
කියව, ගම්වැසි කෙළෙඹියානනි
නුඹේ දැසමන් සිනා මල් දම
හින්න වූයේ කාගෙ නමටද?
මල්ලිකා එම් බණ්ඩාර
27. 11. 2023
No comments:
Post a Comment