නුදුරු ගම් වැසි කෙළෙඹියානනි
අතර මඟ ගම් දොර අසල හිඳනුඹ පිදූ දැසමන් සිනා දම පැළඳ ගත්තා මං හුදකලා ගං ඉවුර අසබඩසැඳෑ හිරු සිතුවම් අඳින සඳනුඹේ වස්දඬු නඳින් මත්වී මගේ හදවත දුනිමි උගසට අසෙණි වැහි කළු මුදුන් වීගෙනමුරුගසං වැහි ඇද වැටෙන සඳමියුරු ගී තනු බොඳ වුණාසේසබඳ අප වෙන්වුණේ කෙලෙසද? කියව, ගම්වැසි කෙළෙඹියානනිනුඹේ දැසමන් සිනා මල් දමහින්න වූයේ කාගෙ නමටද? මල්ලිකා එම් බණ්ඩාර27. 11. 2023
No comments:
Post a Comment