සුදු වැලිතල මත වියළී ගිළිහුණ බෝපත් අමදින බෝමළුවේ හිරු නැඟ මියැදෙන දවසක කෙලවරපින් පල ගැනමයි හිත වෙළුවේ කෙළෙසින් පිරි සිත නිකසළ වෙන්නටරාදොස් මොහඳුර දුරු කළයුතු වගනොදෙසූ යතිවරු, වැලිකැට ගානටපිං පිරෙනා හැටිමය දෙසුවේ රා ගිනි මොළවන රත්වන මත්වනසිතිවිලි සින්දන මඟ හමුවේ කම්සැප උදෙසා පින්පුරනා හැටි පමණකි අසපුවෙ බණ දෙසුනේ ගොරතර සසරේ නොනැවත ඇවිදිනමියැදෙන ඉපදෙන බවදුක වළඳන කෙලෙසක කවදා නිමක් දකින්නද වල්මත්වූ මේ දිවි කතරේ? මල්ලිකා එම් බණ්ඩාර4. 09. 2013
No comments:
Post a Comment