උත්තරීතර ප්‍රේමයක සුව
විඳින්නට දුටු සිහින අපමණ
කඩ බිඳ දැමුවේද රහසින්
අසපුවේ මල් අතුල පුදසුන
අන්ධකාරෙක දෑස් නෑරම
වරක් පමණක් ඇන්ද සිතුවම්
කොතැන කවදා නමුදු දවසක
කාලයේ ගණ වැලිතලා යට
නොමළ මුත් මිහිදන් කරන ලද
යළිත් දළුලා එතැයි නොසිතූ
අති සොඳුරුවූ ප්‍රේමයක්
අහේතුක වරදකට සිරගත වෙලා
සදාතනිකව විඳින දඬුවම්
මල්ලිකා එම් බණ්ඩාර
5..05. 2023
No comments:
Post a Comment