Friday, 13 October 2023

සඳවතී

 

සඳට රන් තාරකා 

සදිසි කිරි දරුවනේ

එනතුරා - මඟ බලා

ඉන්නවා මා අදත්

මා අදත් ඉන්නවා


සිනා යායක් මවා

කියන හුරතල් කතා

ඇහෙන දකිනා වෙලේ

දැනෙන මිහිරක් තරම්  

කොයිද සැපතක් ඉතිං


සීත පවනේ එතී 

දැනෙන සුවඳක් වගේ  

දැවැටියන් මා වටේ 

සිඟිති දරු පැටවුනේ

සම්පතක් නෑ ඒ තරම්


මල්ලිකා එම් බණ්ඩාර​

7. 7. 2023

No comments:

Post a Comment