සැඟව ගිනි පුළිඟුවකක්
විලසින්
රැඳී අළු පාදමක නොනිමී
ගිනි පිඹින්නෙකු එළඹෙනා
තුරු
මොළවනා තුරු යවටසේ
ගිනියම්
උදාසීනව මළානිකවී
බලා හිටියා
යොවුන් වසතද ගෙවී
යන සඳ
මඳ පවන් වැද දෑස්
විවරව
යළි යළිත් තද කර වසා
ගෙන
රකුසු හඬ කණ නොවැකෙනාසේ
වසන්තය විත් නික්ම
යනතුරු
විරාගික වූයෙම්.
සරාගික හඬ සවණ පතිතව
පියාපත් සළනා ඉසව්වේ
උකුසු කුරුමානට හසුවී
අළු තරලයෙන් නිරාවරණිත
සිහින් ගිනිසිළු පවන්ගතවී
ගිනි පුළිඟු මෙළවුණා
අහසට
රාග ගිනි කඳ මහෝගයවී
මෝහයෙන් ගත සිත සළිතවිය
කෙළෙස් බර සිත දැවී
හළුවිය
ගම් දනව් ගොඩ බිම
ඉහිල්විය
ගිනි නිවී ගත සිත
සිහිල් විය
පුළුන් රොදකට උරුම
ඉරණම
අත්විඳින්නට වීද කරුමෙට?
දෑත දෙපයට වට විලංගුව
වහල් බැම්මක අරුම
උරුමය
අදිසි ගින්නෙන් දැවුණ
සියොළඟ
සිපිරි ගෙයතුළ ඉබේ
හිරවිය
කටුක ද්වේෂය සිත ඉතුරුවිය
සසර මංපෙත් එළිපෙහෙළිවිය
මල්ලිකා එම් බණ් ඩාර
15. 08. 2023
No comments:
Post a Comment