දෙව්‍රම්
වෙහෙර දොරටුව ළඟ උදෑසන
ඇත් පැටවෙකු වදා කෙණරක පලායත
සතවෙත පතල මෙත් කරුණා දයාවෙන
වනයේ ගිහින් ළෙහි සෙනෙහස දරාගෙන
වනයේ ගිහින් ළෙහි සෙනෙහස දරාගෙන
උක්දඬු සමඟ
නෙක පලවැල නෙලාගෙන
උහු රැක ගනු
ලැබිණි මහ යතිවරාණන
දරුවන් මඟ දමා
යන ගැහැණුන්ගේම
එය පැතිකඩක් වී ඇත ලෝ දහමේම
දින දහයකට මව්
උණුසුම නැතුවාම
කඩදහි
තොටිල්ලක තනිවම නිදි යෑම
පුතුනේ ළපැටි ගත උහුලන්නේ කෝම?
ලැව් ගිනි
උකුළු ඕවිල්ලෙන් ජනිතකළ
මව් තනපුඩු
පහස නොලදිනි
බිළිඳු තොල
කිරිදරු
පැටවෙකුව මහමඟ දමන කල
අඳ නෙත නොදිටි ජීවිතයක නොනිමි මිල
ලේ රහ වන තුරා
හඬනා සිඟිති මුවින්
ලෝදා සසලවිණි කම්පිත සුසුම් වැලින්
කිරි පීරක්
ගලා නොඑනා සෙනෙහෙ දොලින්
අම්මාවරුණි තැනුණිද ළය මඬළ ගලින්?
අල්ලා
දෙවිඳුන්ට යැද ඉකිගසන යුරෙන්
ඉල්ලා පිළිසරණ
සවනක රැඳෙන සරෙන්
දල්ලා මිනිස්කම ඇති හද වතක් කෙරෙන්
දල්ලා මිනිස්කම ඇති හද වතක් කෙරෙන්
නුඹ ජීවිතය ගැලවුණමුත් වැටුණ නිරෙන්
සල්ලාලයන් නෙරපාවා මිනිස් කුලෙන්!
සල්ලාලයන් නෙරපාවා මිනිස් කුලෙන්!
මල්ලිකා එම් බණ්ඩාර
03.08. 2016
No comments:
Post a Comment