කටු ඔටුණු
නොපළඳිති
මිනිස්කම වෙනුවෙන්ම කැප වෙති
හිස් අතින්
ආවෝය
ඇඳි වතද
අහිමිව ගියෝය
විරුවෝ
නිදනන් වත්
පැහැර ගෙන
රන් රිදී මුතු
මැණික් පොදිබැඳ
සොරුන් ගේ
කඩුපතට ගොදුරුවී
නොමළෝය විරුවෝ
දිළින්ඳන්
ලැබිය යුතු බිං අඟල,
බත බුලතද, පැහැර නොගනිති
විරුවෝ
මංමුලාවූවන්ට
කණහුලක් වනු මිසක
සැඩපහර කර
වටක් දඟ කැවී ගිලෙන
විට
අත්වැලක්
වූවෝය උන්
වරදාන පඬුරු
දැක තළු මරා කෙළ හලා
අදමිටුවන් සමඟ
ලැග,සිඹ උන්ගෙ
මිරිවැඩි යුග
උතුරු මිනිසත්
කමට නිගා නොකරති
විරුවෝ
දේශයේ හෙට දවස කිඳාබැස
යනු දැක
අගාධෙක
දෙපයින් නැගී
සිට ළය දුන්නෝය උන්
ඉසුරු දැක
මසුරු නොමවී
පිය මැන්නෝය විරුවෝ
දැක දිනුම හෝ
පැරැදුම පාවා නොදෙති අරමුණ
පැන නොයති
අතැරදා පෙරමුණ
මළත් උන් නොමියෙත
උන්ගෙ නම ජන මුව'ග මැතිරෙත
වගුරු බිම
පිබිදුන මලක් සේ
මනකල්ය
සුවඳය
සිඳිත මඬවත එද, සඳුන් හරසේ සුවද
විහිදත
පොදු දනන් හද
තුළ ගිනිසිළුව සේ දැල්වෙන
නවෝදයේ
පණිවුඩය දැයටම රැගෙන යන
පෙර ගමන්කරුවා
නම් නුඹය.
-
මල්ලිකා බණ්ඩාර
03.07. 2016
No comments:
Post a Comment