Monday, 31 October 2016

මතකයෙන් බිඳක් - 3

  "හේරත්ලාගේ පෙම්වතිය"
අපි, ආයෙත් සැරයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලෙට ගියාඅපේ  "get-together"එකට සහභාගි වෙන්න​. මගේ කිට්ටු මිතුරියන් බොහොමයක් ඇවිත් හිටියෙ නෑ. ​ එකතු වුණ අය​ හැමෝම තම තමන්ගේ මිහිරි හෝ අමිහිරි ඉතිහාසය ආවර්ජනය කරන්නට ඇති.
ඇයි ඒ අය නෑවිත් ඉන්නෙමගේ හිතට පුංචි පහේ ප්‍රශ්නයක්!
මං ඇහුව කීපදෙනෙකුගෙන්ම, "කෝ අර “so and so” හරි ආසයි දකින්නමං හිතුව අපේ බැච් එකේ 720 ම ඇවිත් ඉඳී කියල​. ඒ නිසයි මමත් මේ තකහනියේ ආවෙ". 
හුඟ දෙනෙක් එන්නෙ නෑ . පහුගිය අවුරුදු වල හැමදාමත් එන අය තමයි ඔය ඇවිත් තියෙන්නෙ”. සමකාලීනයෝ එහෙම කීව​.
තුන්සීයක්වත් නැති තරම්" මං වට පිට බලලා තහවුරු කරගත්තා.
ඔන්න ඔය අතරේ මැදිවිය ඉක්මගිය කාන්තාවක්කඟවේනෙක් වගේ දුවගෙන ආවා. ඇවිත් මාව බදාගෙන, “ඔයා එන බව දැනගත්ත වෙලාවෙ ඉඳලා මට ඉවසිල්ලක් නෑ".
ඇය හැඟීම්‍ බර හඬින් කීව​.

දශක හතරක​ කාලය මැවූ වෙනසක අරුමේමේ මගෙ රූම් මේට් ප්‍රියා! (The most sought-after girl of the Batch!). 
අපි දෙන්නම මොහොතක් ගොළු වුණා. වචන තෝරා බේරා ගන්න බැරුව​. ඒක හරිම සංවේදී මොහොතක්!අපි දෙන්නගෙම​ ඇස් වල කඳුළු පිරිලා. 
මං මගේ මිතුරියගෙ කණට කරලා,
"ඉතින් කොහොමද, "හේරත්ලගේ පෙම්වතී?” කියලා ​ ඇහුවා.
අයියෝ ඔයා තාමත් ඒවගේමයි. අමතක වෙලා නෑ වගේ පරණ කතන්දර​”.
"මට නිතර මතක් වෙනව​..."
"අපිට කාඩ් ගහපුවා?"
"ගොඩක් දේවල්! ඒ අතරේ ඔයාගෙ කතන්දරෙත්...
ඇයි තෙල් බෙදිලිබාල්දි පෙරෙලිලිකයිලාසෙ හොල්මන්, Three weeks suspension?”
ඒ හැම දෙයක්ම මට මතක් වෙනව​. ඒ නිසයි මට ආයෙත් එක සැරයක් හරි ඔයාලව දකින්න එන්න හිතුනෙ”.

අපි හිනා වුණා, ඉස්සර වගේම සැහැල්ලුවෙන්කැම්පස් එකට ආවට පස්සෙ, ආයෙත් අපි අර ඒ කාලෙ හිටිය දඟකාර​ කෙල්ලොමද කියල හිතෙනව​. ආගිය විස්තර කතා කරන ගමන්, ගාන්ධර්ව සභාවේ එක් රැස් වෙලා හිටිය,අපේ සමකාලීන සහෝදර සහෝදරියන් අතරට අපි ගියා. ඒ යන ගමන්
"කොහොමද හේරත්?" කියල මම ඇහුව.​
"තවමත් වැඩ ".... Department" එකේ".
එතකොට අනික් හේරත්ලා? අර වැලිමඩ හේරත්?  කුරුණෑගල හේරත්? මහියංගනේ හේරත්...? කවුරුවත්ම මුණගැහිලා නැද්ද “pass out” වුණාට පස්සෙ?
 “නෑ අනේමගේ හේරත් ගැන විතරයි මම දන්නෙ".
එතකොට අර, "ඔයාගෙයි ඔයාගෙ හේරත්ගෙයි " අතරේ තිබුණ සම්බන්ධය බ්‍රේක් වුණොත්, කියලා බලාගෙන හිටපු හේරත්මම ඇහැක් ඉඟි කරන ගමන් ඇහුව​.
 "ආරංචියක් නෑ"
"අනික් හතර දෙනා ගැනත් ආරංචියක් නං නෑ? " 
කියන ගමන් ප්‍රියා හිනාවුණේ ලැජ්ජාවෙන්. 
පුංචි විරාමයකට පස්සෙහදිසියේ යමක් මතක් වුණා වගෙ ප්‍රියා කීව.
අර කොත්මලේ හේරත් ලෙඩ වෙලාලු … අර කෑගල්ලේ හේරත් මැරුණලුඅර බදුල්ලේ හේරත්ඒ කියන්නෙ අර වලහා, වලහගෙ "affair"එකත් "break" වුණාලු...
ප්‍රියාගෙ හඬේ හීන්වට මනස්තාපයක තෙතමනයක් ගෑවිලා වගේ කියල මට හිතුන​.
අවුරුදු තිහ හතලිහකට ඉස්සර මතකයෙන් බිඳක්හරියට හීනෙන් ගෑ සුවඳ පොදක් වගේ මගේ හිතට කාන්දු වෙන්ට පටන් ගත්ත​. ඒ මතක සුවඳ මැදින්, ජීවිතය මල් උයනක් වගේ සුන්දරවූ අතීතය මෙනෙහි වෙනව. ජීවිත​ උරුමය කෙටුම්පත් කළ සන්නසේ පත් ඉරු අතර ලියැවුණ වැදගත් නොවැදගත් ඇලපිල්ල පවා අළුතින් තේරුම් ගන්නට හැකිනම්!කියල මට හිතුන.​ඉතින් අපි කලාගාරය වම්පස පඩිපෙළෙන් පහලට බැහලා "පොළොන්නරුව" හරහා ඇවිත්, සිංහ රූප දෙක ළඟ මදක් නතර වෙලා හිටියා. සුවහසක් මතක අතරින් අපේ ගෙවීගිය සොඳුරු සරසවි කාලය ජීවමාන වෙනව වගේ. 
අපි සරසවි ගිය අළුත, අපි ඉතින් සරසවියට කෝඩුකාරයෝ. මුල් සති දෙක, නිකං අමුතු ග්‍රහ ලෝකෙකට අතෑරලා දැම්මා වගේ. සමහර වෙලාවට මොන මළ වදයක් ද මේ වුණේ කියලත් හිතුන​. අපි කවුරුත් හැංඟෙන්ට​ තැනක් තියෙනවනම්බේරාගන්ට කෙනෙක් එනවනං කියලා හිතුව රැග් එකට බයේ. හික්මීයො වගේ එක රොත්තට ගුලි ගැහිලා, ආට්ස් බ්ලොක් එකට යන්නෙත්ආපහු හොස්ටල් එකට එන්නෙත් හරිම පරිස්සමෙන්. 
රාමනාදන් එකෙන් එළියට ආව වෙලාවෙ ඉඳලා සඳසිරියේ ගාල් වෙලා හිටය ජ්‍යේෂ්ඨ උත්තමයන්ට අහුවෙනව​. කලාගාරයට යනකම්ම අපි ගිල ගන්ට මකරු එයි කියලා හිතේ මහ බයක්. හිල්ඩා ගහ යටදි හිල්ඩා ජ්‍යේෂ්ඨ උත්තමයින්ට නැත්නම් J.P. ජ්‍යේෂ්ඨ උත්තමයින්ට අහු වෙනව​.
ජ්‍යේෂ්ඨ උත්තමයින් හැමෝම අහන්නෙ එකම ප්‍රශ්න​. එකම ආමන්ත්‍රණ​. එකම දේ අපිත් කියනව​. හැම කෙනාම අහන්නෙ එකම ප්‍රශ්න නිසා අපි සුදුසු උත්තර හදාගෙන සූදානම් වෙලා ඉන්නව​.
අපි ඉතින් ලෙක්චර්ස් යන්නෙ රංචුවක් විදියට​. තනියම රැග් වෙනවට වඩා හොඳයිනෙ තනි නොතනියටවත් කවුරු හරි ළඟ පාතක​ ඉන්න එක​.
හිල්ඩා ඔබේසේකර​ ශාලාව ළඟින් යනකොට සමහරු අපිව වෙන්දේසි කර​නව​ 
"ලාබයි ලාබයි. බඩු ලාබයි. පරණ බඩු කුණු කොල්ලෙට​. අළුත් බඩු ලාබයී" කියලා හිල්ඩා, ජේම්ස් පීරිස් උත්තමයෝ කෑගහනව​.

මුලදි නම් ඒක මහ මදිකමක් වගේ දැනුනා තමයි. ටික දවසක් ගියාම හරිම fun! ඒ කාලෙ රැග් එක වුණත් මානුෂිකයි. කවි, සිංදු, පිරිත් කියවීම​, නැටීම හෝ රඟ දැක්වීම: මහ​ අමාරු දේවලුත් නෙවෙයිනෙ. 
ඉතින් ඔය "රැග් සීසන්"එකේදි තමන් ගේ සරසවි පෙම්වතිය තෝරාගැනීමත් ජ්‍යේෂ්ඨ උත්තමයින්ගෙ එක ඉලක්කයක්.
මගේ රූම් මේට් ප්‍රියා. හරිම “ඇක්ට්‍රක්ටිව් ගර්ල්”. ඉතින් උත්තමයො තරඟයට වගේ එයාව ලුහුබඳිනව​. කාන්දමකට ඇදෙන අල්පනෙත්ති වගේ ඇදීගෙන එනව​. එයා නිසා මමත් රැග් වෙනව​. මගෙන් නම් ඉතින් වැඩිම වුණොත් අහන්නෙම, "රාමනාදන් යකා කියපන් නම​. කොහෙන්ද උඹ, ප්‍රාදුර්භූත වුණේ?" වගේ ප්‍රශ්න​.
එක අතකින්, "අජූව පෙනුමත් නරකම නෑ" කියල එහෙම වෙලාවට මට හිතිලා තියෙනව​. 

මගේ රූම් මේට් ප්‍රියාගෙන් නම් අහන්නෙම, ​“ඒයි! උඹ මාත් එක්ක හිච් වෙන්ට කැමතිද?" කියල.
ප්‍රියා "නෑ" කියනව​.
ඒ වගේ උත්තරේකින් උත්තමයෝ අධෛර්යමත් වෙන්නෙ නෑ. 
"කියපන් උඹෙ නමගම​ඉස්කෝලෙතාත්තගෙ රස්සාව​".  දවසක එක උත්තමයෙක් ප්‍රියාට කීව​.
ඉතින් ප්‍රියා අනුපිළිවෙලට​ ප්‍රශ්න පත්තරේට​ නිවැරැදි උත්තර සපයනව​​. මම එයාගෙ කණට කරලා​,
තාත්තා සාරවිට වෙළෙන්ඳෙක් කියන්න​" කියලා කීව.
තාත්තා සාරවිට විකුණනවා". ප්‍රියා කීව​.
 ජ්‍යේෂ්ඨ උත්තමයා ඒක විශ්වාස කළා. ඒ උත්තමයටත්‍ අර මිදි ඇඹුල් කීව හිවලට වගෙ නිදහසට කාරණාවකුත් හම්බවුණා. 
 "ඒකි ලස්සන වුණාට තාත්තා සාරවිට කාරයෙක්ලු බං", කියලා එයා අනිත් ශිෂ්‍යයින් එක්කත් කියලා තිබුණ​.
රැග් සීසන් එකේ ඉඳලම, ප්‍රියා පස්සෙන් වැටුණ උත්ත්තමයො අතරේ, හේරත්ලා හත් දෙනෙක් හිටියා, සම්භාවිතා න්‍යායට පටහැනිව​. ප්‍රියා ඒ හැමෝටම කීවෙ, "මට ගමේ බෝයි කෙනෙක් ඉන්නව" කියලා. එයාට එහෙම කෙනෙක් හිටියෙ නෑ.

ප්‍රියා, හරි වැඩක්නෙ මේක​! හේරත්ලා රොත්තක්මනෙ පොරකන්නෙදවසක​ මං කීව​.
"මොන වධයක්ද මන්දා. මං ඒ එක්කෙනෙකුටවත් කැමති නෑකීවට අහන්නෙ නෑනෙ". ප්‍රියා චරු චුරු ගානව​.
"ඔයා කියන්න, බෝයි කෙනෙක් ඉන්නව​ කියලා. එයාගෙ නම,හිතුන නමක් කියන්න. ඔයාගෙ අයියලා මල්ලිලාගෙ නම් වුණත් කමක් නෑ. "​මම කීව​. 

ඉතින් ඊට පස්සෙ ප්‍රියා,  එක උත්තමයෙකුට කියනව එයාගෙ බෝයිගෙ නම "සුනිල්" කියල​. ඉක්මණින් නමක් කියන්ට ඕන නිසා ප්‍රියා, එයාගෙ සහෝදරයො හතර දෙනාගෙ නම් වලින් කටට ආව නම කියනව​. සරත්සුනිල්සමන්! සිසිර​!". ඇය මාරුවෙන් මාරුවට කියනව​.
අර නිතරප්‍රියා පස්සෙන් වැටුන උත්තමයො කීපදෙනාට විවිධ තැන්වලදී ඇය දුන් උත්තර පරස්පර බව තේරුම් ගියා. ඔය ලුහුබඳින්නන් අතරේ හිටියා ගාල්ලෙ නැත්නම් මාතර කෙනෙක්. එයාට තේරුණා ප්‍රියා බොරු නම් කියනව කියලා.  උත්තමය ප්‍රියාට තර්ජනය කලා  අහනව​;
කියපන් උඹේ ගමේ එකාගෙ ඇත්තම නම​?" 
 ඒ වෙලාවෙත් ප්‍රියා මුලින් කීව නම වෙනුවට වෙන​ නමක් කියලා. අර උත්තමයා හොඳටම බැන්නා.
උඹට මිනිහලා කීදෙනෙක් ඉන්නවද කියපංඋඹ AT එක ඇතුළට එනකොට  එකක් කියනව​. පිටවෙන කොට තව එකක් කියනව්. ලයිබ්‍රරි එක ඉස්සරහදි වෙන එකක් කියනව​. ඇතුළෙදි වෙනමම එකක් කියනව​..." 
ඉතින් ඒ ජ්‍යේෂ්ඨයාප්‍රියාට දබරඟිල්ල උරුක් කරලා, "මීට පස්සෙ කවුරු හරි උඹෙ නම ඇහුවොත් කියපං, උඹේ නම අනුලා දේවීය​ කියලා. ඇහුනෙයිගමේ එකාගෙ නම ඇහුවොත් කියපං "දරමිටියාය කියලා. හරියැ? " කීව​. 
ප්‍රියා හොස්ටල් එකට ඇවිල්ලා හොඳටම ඇඬුව​. කොටිදෙනක් වගේ මං දිහා රවාගෙන ඉඳලා " ඔයාගෙ ලණු කාලා මට දැං ඇතිවෙලා" කියල මට බැනවැදුනා​. 

කොහොම හරිගමේ පෙම්වතෙකු සිටින බව විශ්වාස කළ හේරත්ලා කීප දෙනෙක් වරින් වර තරඟයෙන් ඉවත් වුණා. තව තුන් දෙනෙක් උත්සාහය අත නෑර අන්තිම මොහොත දක්වා තරඟයේ රැඳී හිටියා. ඒ අය​ හැම දවසකම මඟ රැක සිට ප්‍රියාගෙ හිත දිනා ගැනීමට් උත්සාහ කළා.   
“ අර වලස් තොප්පියක් වගේ කොන්ඩෙ තියෙන හේරත් තවම සටනෙ නේද​?”දවසක මං ප්‍රියාගෙන් ඇහුව.
මම​ හේරත්ලාට කැමති නෑ කියල, මං කීව එයාට". ප්‍රියා බිඳුන හඬින් කීව​.
"ම්හු! ඒකෙන් ඔයාගෙ අකැමත්ත හරියට කියවෙලා නෑමොට්ටීකියපං වලහැඩියන්ට මම කැමති නෑ කියලා" මං කීව.
"මූණට කියන්න පුළුවන්ද එහෙම දෙයක්?"
"එහෙනම් ව්‍යංගෙන් කියපං"
"ඒ කියන්නෙ
"ඒ කියන්නෙ මෙහෙමයි, “සූප්පා දේවි වගෙ කෙල්ලො කැමති වුණෙත් සිංහයෙකුට​. මම කොහොමද කැමැති වෙන්නෙ වලහෙකුට?" කියන්න​.
ප්‍රියා ඒක හේරත්ට කියලා!
කොහොම හරි ඊට පස්සෙ "වලස් හේරත්", ප්‍රියා ගැන කරදර වුණෙ නෑ. නමුත් පහු කාලෙදි "වලස් හේරත්"අපේ බැච් එකේ ලස්සන කෙල්ලෙක් එක්ක hitch වුණාඅන්තිමට ඉතුරුවුණ හේරත්ලා දෙන්නගෙන්, කෙනෙක් එක්ක ප්‍රියා hitch වුණා.
ඔන්න එක දවසක​, අහම්බෙන් වගේ ප්‍රියා තනියම එද්දි "strike" ගහ හරියෙදි ප්‍රියාට මැච් එකේ "last man“ මුණ ගැහිලා.

"ප්‍රියා,  කවද හරි ඔයාට හේරත් එපා වුණොත් හරිහේරත්ට ඔයාව එපා වුණොත් හරි මට කියන්න හොඳේ​. මං ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නව", කියල​ අන්තිම හේරත් නැත්නම් හත්වෙනි හේරත්  බොහොම දුක හිතෙන විදියට කීවලු.

හේරත්ලම හත් දෙනෙක්එකම කෙල්ලෙකුට සරසවි ප්‍රේමය පුද කරපු එකත් විරල සංසිද්ධියක්! ඒ නිසා අපේ සරසවි සෙට් එකඒ කියන්නෙ "රාමනාදන් හතේ කල්ලිය​" ප්‍රියාව හැඳින්නුවේ, "හේරත්ලාගේ පෙම්වතිය" කියන අන්වර්ථ නාමයෙන්​.  පහු කාලෙක​ ප්‍රියාඑයාගෙ සරසවි පෙම්වතා හේරත් එක්ක විවාහ වුණා. කොහොම වුණත් හේරත්ලා  හත් දෙනෙකුටම ප්‍රේමයේ පොදු සාධකය වුණේ ප්‍රියා! 

එදා මෙදාතුර​ බොහෝ දෙනෙකු අතින් ගිළිහුණ, සරසවි ප්‍රේමය ගැන, නැත්නම් ප්‍රේමයේ අපූර්වත්වය සහ එහි ඇති අත්‍යන්ත විරහව ගැන කවි ගීත ලියැවෙනව​. ඒවා අහලා ඒ ආදී ප්‍රේමවන්තයින් හූල්ලනව​. වියළි සුළඟට මුසුවුණ ඒ සුසුම් වැල් වල උණුසුම දැනුත් දැනෙනව විඳිනව​. මනුස්ස ස්වභාවයේ හැටි එහෙමයි. තමන්ට හතර මහ නිධානය පහලවෙලා තිබුණත් අර මිටෙන් ගිළිහුණ ගැම්මකට නැති අබ ඇටයක් මත්තේ ඉළව් දරාගෙන ඉන්නව​.

මල්ලිකා එම් බණ්ඩාර

09. 06. 2013

Sunday, 30 October 2016

Permission


Plunging in the muddy pool
Listening silently to my weeping soul
I’ve been there for a long time
I don’t know how long
It may be, through the ages

Once, out of the blue
You happened to be appeared
as a shining  golden Sun
that revealed the great mysteries
Blooming my faith and my trust
you flown like a river of life

You have been the moon
that ascended in the sky
and rushed through the shadows
with the light that hidden from me
And opened my eyes to see
the darkness that were surrounded me

You’ve been the mighty key,
that to open the iron gates
You’ve broken the shackles 
to walk in the flowery paths

The dreams found the wings
that were imprisoned in my memories.
The day, you led me to the 'Promised Land'
they danced in the joyous liberty


23. 10. 2016

Mallika Bandara

Monday, 24 October 2016

දේශපාලන විද්‍යාව​ සහ මොන්ටිසෝරි දේශපාලනය

ඉස්සරනම් අපි ඔක්කොම රජවරුය​. ඔක්කොම වැසියෝය​. දැන් නම් අපි ළමයිය​. ළමයි කීවට මොන්ටිසෝරි ළමයිය​. අපේ මහ පුරවැසියා කියන විදියට එයාගෙ සැප්තම්බර් 12 වෙනිදා ඓතිහාසික කතාව අහපු සමස්ත ලෝකෙම මිනිස්සු "මොන්ටිසෝරි ළමයි" නැත්නම්  "පුංචිළමයි". ආචාර්‍ය මහාචාර්යවරුත් පුංචි ළමයි වගේ කලබල වෙලා. අල්ලස් හෝ දූෂණ සඳහා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂවරියත් මොන්ටිසෝරි ළමයෙක් වගේ ඒ කතාවට ප්‍රතික්‍රියා දක්වලා. ඔය දේශනය අහපු හැමෝම මොන්ටිසෝරි ළමයි වුණේ කොහොමද? අපි ඔක්කොම එකාවන්ව​ ඔලමොට්ටල හින්දද​? බැලුවම විපක්‍ෂයෙයි, ඒකා බද්ධකළ විපක්‍ෂයෙයි  (ඒකේ නම් ඉන්නෙම ගල් යුගයේ වනචාරින් කියමුකොහැම කෙනෙක්ම​ මොන්ටිසෝරි ළමයි වෙලානෙ​. පෙනෙන විදියට නම් අපි ඔක්කොම​, උගත් වියත් මහා ප්‍රාඥයාගෙ කතාව වැරැදියට තේරුම් අරන්. ඒකද ඇත්ත​?

එක අතකින් ඒකත් ඇත්ත​. ඒ කාලෙ, ඒ කියන්නෙ ඔය කියන​ කාලෙ, 7, 8 පන්තිවල ළමයින්ට ප්‍රජාචාරය කියලා එකක් ඉගැන්නුවානෙ. ඒක ඉගෙනගෙන කෙනෙක්, අට පාස් කළානම් සහතික වශයෙන්ම පාර්ලිමේන්තුවේ ජොබ් එකකට සුදුස්සෙක් වෙනව​. එහෙම වෙච්ච උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රජාචාරෙ පාඩම් වල අන්තර්ගතය වුණේග්‍රීක පුර රාජ්‍ය සංකල්පය​ නූතන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා විකාශනයවීම පිළිබඳ මුලික අදහස් ඉතමත් සරලව ළමා මනස තුළ  පුරවැසි යුතුකම්, වගකීම් පිළිබඳ පදනමක් දැමීම​ ​. ඉතින් අර අට පාස් වුණ ඕනෑම කෙනෙක් හිතනවා, එයා දේශපාලන විද්‍යාවේ පියා නැත්නම් බාප්පා හෝ මහප්පාය කියලා. අපි අයාලේ ගිය රටක් ජාතියක් බවට පත් වුණේ ඔය වගේ අදහස් නිසාඔය දේශපාලක​ මහප්පලායිබාප්පලායි ඔක්කොම කළේ වියට බැඳපු අම්ඹරුවෝ ටික කුලප්පු කරල ඉබාගාතේ දක්කපු එකම විතරයි. ගොපල්ලොත් දෑඟුලකට එහායින් බලන්ට බයයි. අම්බරුවොත් උඩුමියා වෙන්ට බයයි. ඉතින් යම් කෙනෙකුට, ලංකාවේ දේශපාලකයෙක් වෙන්ට​ නම් දේශපාලන විද්‍යාවෙන් උපාධියක් කරන්ට ඕනද කියල හිතෙන එකත් සාධාරණයි.

ඒ කාලෙ, සාමාන්‍ය පෙළ සමත් කෙනෙක් නිසැකවම දේශපාලන විද්‍යාවේ බාප්පලා වෙනව​. හැබැයි උසස් පෙළ පන්තියේදි දේශපාලන විද්‍යාව කරන්ට පටන් ගත්තම ඕනෑම කෙනෙකුට​හිතෙනවාමම මොනවද අර ප්‍රජාචාරෙන් දැනගත්තෙ, ඒක​ මොන්ටිසෝරි දැනුමක් නේද කියලාඊළඟට​ විශ්ව විද්‍යාලෙක දේශපාලන විද්‍යා උපාධියක් කළාට පස්සෙ අවබෝධ වෙනව,ඉගෙනගත් දේවල​ අල්ප බවයිතමන්ගේ නොදන්නාකමේ විශාලත්වයයි දෙකම​.

නමුත් අපේ රටේ උත්තරීතර නීති සම්පාදක ආයතනය ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය දේශපාලන ආයතනවලට අරක් ගෙන ඉන්න වැඩිදෙනෙක් අට පාස් සහ සාපෙ අසමත් අය​.  සමහරු පාරම්පරික දේශපාලන ලේ උරුමය නිසා රිංගපු අය​හරියට ඔටුන්න හිමි කුමාරයො කුමාරියො වගේ. එහෙමත් නැත්නම් විවාහක පුරුෂයාගෙ පසු උරුමක්කාරයොය වගේ. අපිට පඹයෙක් වුණත් කමක් නෑ, රජෙක් ඕනෑ. රජාට වන්දනාමාන කරගෙන, ස්වකැමත්තෙන් වහල් භාවයේ යෙදෙන්ට අපි හරි රුසියො. රජවරු පෙරහැරේ යනකොට හරි ආසයි අපි පෙරහැර බලන්ට​.ඇස් ලොඩි දෙක ඉස්මුදුනෙ තියාගෙන​.

ඉතින්රටක සංවර්ධනයට හිතකර ලෙස​ දේශපාලන සංස්ථා හැඩගැස්වීමේ  සහ රජ්‍ය තාන්ත්‍රික දැනුම සහ කුශලතාව​ ​ සමඟ​ විවෘත මනසක් සහ පරිනත බුද්ධියක්, අටේ පන්තියෙන් ප්‍රජාචාරය ඉගෙන ගෙන දේශපාලනයට කඩා වැටුණු ජනතා නියෝජිතයින්ට තිබේද​? රටේ  සංවර්ධනයට ඉංජිනේරුවො මොකටද, වඩු බාස්ලා සහ මේසන් බාස්ලා විතරක්  හිටියොත් ඇතැයි කියන පාලකයන් බිහිවෙන්නේ එහෙම නොවන නිසාය​. 

1980 ගණන් වෙනකොට, උසස් පෙළ විෂය නිර්දේශයට අනුව උසස් පෙළ පන්ති සඳහා කෝල්බෘක් ප්‍රතිසංස්කරණ සිට 1972 ජනරජ ව්‍යවස්ථාව​ දක්වා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනයත්, තවත්‍ රටවල් පහක (බ්‍රිතාන්‍ය, ඇමෙරිකා, ප්‍රංශ​​ඉන්දියා සහ සෝවියට්)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාත් තුලනාත්මකව හැදෑරිය යුතුව තිබුණා. විශ්ව විද්‍යාල උපාධි සඳහා ​(International Relationship) ජාත්‍යන්තර තලයේ දේශපාලන සම්බන්ධතා අධ්‍යයනයකදී වර්තමාන දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යන ක්‍ෂේත්‍ර කොයිතරම් සංකීර්ණ, සහ පුළුල් විෂය පථයකට අයත්ද කියන එක අවබෝධ කර​ ගන්නව​.

එහෙම වුණත් ශ්‍රී ලංකා දේශපාලනය නම් තවමත් පටන් ගත්ත තැනමයි. මැතිවරණයකදී, පක්‍ෂ ප්‍රතිපත්ති වලට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට, දේශපාලන පක්‍ෂවල පාටට අන්ධ  භක්තියෙන් බෞතීස්ම වෙලා, පුද්ගලයාගේ කුලය​පවුල් බලය සහ සමාජ​ සම්බන්ධතා වලට වන්දනාමාන කරන​ බහුතරයක් චන්දදායකයින් රැවටෙන සුළුයි. ඒ නිසා අර හතඅට පන්ති වලදී ප්‍රජාචාරය ඉගෙන ගැනීම නතර කරපු චන්ද අපේක්‍ෂකයිනුත් චන්දදායකයිනුත් මැතිවරණයකදී  හැසිරෙන ආකාරය වෙනස් කරන එක තරමක් අමාරුයි. ඒ නිසාම තමයි තමන් හැර අන් හැමදෙනාම ඔලමොට්ටලයි  කියල කෙනෙකුට හිතෙන්නෙ.

මුල් යුගයේදී අපේ රටේ සාක්‍ෂරතාව පහළ මට්ටමක පැවති  නිසාපුරවැසියන් ගේ පහසුව තකාමැතිවරණ වලදී  ඒ ඒ අපේක්‍ෂකයින්ට වෙන්කල නියමිත පාටක් වෙනුවෙන්, චන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවා. ස්වාධීන රටක් විදියට​ අවුරුදු හැට අටකට පසුත් දේශපාලන පක්‍ෂය, පරම්පරාවෙන් ලැබුණ​ වාසගම​ වගේම, දෙමව්පියන්ගෙන්  ලැබුණ ආගම වගේම නොවෙනස්ව පැවතිය යුතුයැයි සලකනවා. හැම දේම වෙනස් වෙන ලෝකෙ පක්‍ෂය නොවෙනස් විය යුතුයයි හිතනවා. ඒ වගේම දේශපාලකයින්ගේ බේගල් ත්‍රිපිටකය,බයිබලය නැත්නම් කුරාණය​ වගේ ගෞරව බුහුමන් ඇතුව​ අදහනවා. සමහරුන්ට බණ්ඩාරනායක උන්නැහේ දෙයියො. තව කොටසකට​ සේනානායක උන්නැහේ දෙයියො. ඔය වගේ දේව සංකල්ප ඇතිතරම්. ඒ මදිවට​ඒ ඒ දෙවිවරුන්ගේ පරම්පරාතමන් උපන් භූමිය මවපු දේව පරම්පරා ගාණට සලකනවා.

ජාතියක් වශයෙන් අපි ගෝත්‍රික ලක්‍ෂණ පෙන්නුම් කරන්නෙ මේ බුද්ධිමය අන්ධභාවය නිසා​. නිදහස් චින්තනය නැති තැනක​ආත්මාභිමානය නැති බෙලහීන පෞරුෂයන් ගෙන් හෙබි  පාරම්පරික වහල්ලු බිහිවෙනව​. මේ වැරැද්ද නිවැරැදි වෙන්ට ඕන, රටක අධ්‍යාපන ක්‍රමය තුළින්. අධ්‍යාපනයේ  පළදායීතාව රඳා පවතින්නේ දැනුම කඳු ගැහීමේ තරමටම,අවබෝධයත් පුළුල් වුණොත් විතරයි. රටක අධ්‍යාපනය යනු ඒ රටේ ජීවනාලිය වන අනාගත පරම්පරාව ගොඩනඟන පහන් ටැඹක්ඒ පහන් ටැඹ පණ අදින කළාමැදිරි එළියක් වූ කල අපි ගෝත්‍රිකභාවයෙන් මිදෙන්නේ කොහොමද​?

මල්ලිකා එම්. බණ්ඩාර​

23.10 2016


Sunday, 16 October 2016

අඳුර බිඳින්නට​

ඒරොප්පෙ හිට බන්දේසියෙන් ගෙනා දෝසිය​
පුරා හැට​ අට වසක්
ඒ හක්කෙන් මේ හක්කට මාරු කර කර​
කප්පරක් බලවේගවල කර පිටින් ගොස්
ප්‍රජාතන්ත්‍රවාදයේ මස්තකයටම ගොඩවීම
පුහ්! අපිට ​ආඩම්බරයි

අම්බරුවන්ට තණකොළත් ,
අශ්වයින්ට කැරැටුත් දී ගමන ඉක්මන් කළා
දෙදහස් පන්සිය වසරකටත් පෙර
හිටෝගත් බෝ සෙවනයට​ මුල් බැස​ හැදී
උරුම වුණ​ නිදහස් චින්තනය වෙනුවට
වැළඳ ගෙන​​ නීලපටදර්ශනය
ජාතියම ජාත්‍යන්ධ වුණේ මොන කරුමෙටද​?

"චින්තන", "සංකල්ප​"  රටා මැවෙන සේ
පද පෙරළි වණ පෙරළි තිතටම ගලපා.
සිවි කොනටම "වසන්තය​" උදා කරන​
උන්ට ඇති අපට නැති පවුර ඉදිකරනු වස්
නන් වණින් බබලන බලකොටු ගොඩ නැඟිණි.

කිරුළු පළන් රජ බිසෝ කුමර කුමරියන්
දියකෙළි, සැණකෙළි  සහ​ උයන් කෙළි
අතරතුර පෙම් කෙළින අයුරු දැක
අපි අත්පොලසන් දුනිමු​.

වියට බැඳ කෙවිටෙන් තැළිය යුතු
අම්බරුවන් රැළක් පුදබිමට වඩම්මා
ඇදුරු-මහැදුරු කුලද​, උගත්-නූගත්, ඇති-නැති
අඥාන බහු ජනා ලිහා සළු පිළි  තුමූම​;
උන් කුර ලොවිති. පැදකුනු කරති.
ගයති. වයති. තේවා පුරති.  

සත්‍යය වසන් කොට මිත්‍යාව වපුරනා 
ජාතියේ ගිහි පැවිදි මුරකරුවන්!
ප්‍රාසාද වල හිඳිති, වළඳති. 
යෙහෙන් වැජඹෙති !
අහෝ අප​ දිනු, ඇති-දැඩි වුණු
අසිරිමත් පුදබිට කළ හදිය​ මුන්!
මේ අවිදු අඳුරෙන් 
මුදා ගනු පිණිස දැය​
කවදාක නම් පහල වෙද 
ප්‍රඥා ආලෝකය?


මල්ලිකා​ එම් බණ්ඩාර​

10. 10. 2016


Thursday, 13 October 2016

දෙගිඩියාව

සඳ රැස් ගැලුවා මගෙ නිදි පැදුරට​
පොල් අතු වහලේ හිඩැස තුළින්
හිරිකඩ වැටුනා මහ වැහි වටදා
පියන් පතක් නැති කවුළු දොරෙන්

කොවුල් නුරා ගී තුරු පත් අතරින්
සවණත තවරා මියුරු සරින්  
යොවුන් වසන්තය මල්වර නැකතින්  
පියවර මැන්නා කවුළු දොරෙන්

කුප්පිලාම්පුව සුසුම් හෙලනවා
පවස නිවන්නට  පහන් තිරේ
නිදිබර දෑසින් අකුරු ගණිනවා
සිහින විමානෙක සිත දැවටෙනවා
කුණාටුවක් සේ තෙරපී දැවටී
පොර බදනා සිත​ වල්මත් වෙනවා

සමනළ සිතිවිලි රොද බැඳ සිත තුළ​
පියා සලන්නට  ගුවන අරා
කෑමොර දෙනවා සුසුම් හෙලනවා
නෑඹුල් දෙරණත සුවඳ උරා

දෙමහල් මැදුරක සඳළුතලාවෙන්
දුනුදිය ඇදුනා නිරන්තරේ
නෙතු හී සර වැද​ විනිවිද යන හද​
ඉකිබිඳ හැඬුවා වරින් වරේ

හද සන්තානේ සුහුඹුල් පැතුමන්
අවදි කරන්නට මියුරු සරෙන්   
මත් බමරින්දෝ ගීතනු ඉහිරත​
ළපළු පතක් විණි මා සිත කම්පිත​

රන් සන්නසකින් ලියා දුන්නු පෙම​
නිදන් ගැබේ සඟවා ගෙන තිර කොට​
සෙනෙහස රැකවරණය මා සතුනම්
සිටු මැදුරේ සිරි නැතුවට කම් නැත​

චංචල හිත යළි​ වල්මත් වේයැයි
ලෙන් දොර වැහුවෙමි දිනක වැරෙන්
දුවන මුවන් දැක ලොබ වනු කුමකට ​
අතනාරින්නෙමි නෙළූ පළා මිට


 මල්ලිකා බණ්ඩාර​

   18.12 .2004