ඒරොප්පෙ හිට
බන්දේසියෙන් ගෙනා දෝසිය
ඒ හක්කෙන් මේ හක්කට මාරු කර කර
කප්පරක් “බලවේග” වල කර පිටින් ගොස්
ප්‍රජාතන්ත්‍රවාදයේ
මස්තකයටම ගොඩවීම
පුහ්!
අපිට
ආඩම්බරයි
අම්බරුවන්ට
තණකොළත් ,
අශ්වයින්ට
කැරැටුත් දී ගමන ඉක්මන් කළා
දෙදහස් පන්සිය
වසරකටත් පෙර
හිටෝගත් බෝ සෙවනයට
මුල් බැස
හැදී
උරුම වුණ
නිදහස්
චින්තනය වෙනුවට
වැළඳ ගෙන
“නීලපටදර්ශනය”
ජාතියම ජාත්‍යන්ධ
වුණේ මොන කරුමෙටද?
"චින්තන", "සංකල්ප" රටා මැවෙන සේ
පද පෙරළි වණ පෙරළි තිතටම ගලපා.
සිවි කොනටම "වසන්තය"
උදා කරන
උන්ට ඇති අපට
නැති පවුර ඉදිකරනු වස්
නන් වණින් බබලන බලකොටු ගොඩ නැඟිණි.
කිරුළු පළන්
රජ බිසෝ කුමර කුමරියන්
දියකෙළි, සැණකෙළි සහ උයන් කෙළි
අතරතුර පෙම්
කෙළින අයුරු දැක
අපි අත්පොලසන්
දුනිමු.
වියට බැඳ කෙවිටෙන් තැළිය යුතු
අම්බරුවන්
රැළක් පුදබිමට
වඩම්මා
ඇදුරු-මහැදුරු
කුලද, උගත්-නූගත්, ඇති-නැති
අඥාන බහු
ජනා
ලිහා සළු පිළි
තුමූම;
උන් කුර ලොවිති. පැදකුනු කරති.
ගයති. වයති. තේවා පුරති.
සත්‍යය වසන් කොට මිත්‍යාව වපුරනා
ජාතියේ ගිහි පැවිදි මුරකරුවන්!
ප්‍රාසාද වල හිඳිති, වළඳති.
යෙහෙන් වැජඹෙති !
අහෝ අප දිනු, ඇති-දැඩි වුණු
අසිරිමත් පුදබිමට කළ හදිය මුන්!
මේ අවිදු අඳුරෙන්
මුදා ගනු පිණිස දැය
ජාතියේ ගිහි පැවිදි මුරකරුවන්!
ප්‍රාසාද වල හිඳිති, වළඳති.
යෙහෙන් වැජඹෙති !
අහෝ අප දිනු, ඇති-දැඩි වුණු
අසිරිමත් පුදබිමට කළ හදිය මුන්!
මේ අවිදු අඳුරෙන්
මුදා ගනු පිණිස දැය
කවදාක නම් පහල
වෙද
ප්‍රඥා ආලෝකය?
ප්‍රඥා ආලෝකය?
මල්ලිකා එම් බණ්ඩාර
10. 10. 2016
No comments:
Post a Comment