පොල් අතු වහලේ
හිඩැස තුළින්
හිරිකඩ වැටුනා
මහ වැහි වටදා
පියන් පතක්
නැති කවුළු දොරෙන්
කොවුල් නුරා
ගී තුරු පත් අතරින්
සවණත තවරා
මියුරු සරින්
යොවුන් වසන්තය
මල්වර නැකතින්
පියවර මැන්නා
කවුළු දොරෙන්
කුප්පිලාම්පුව
සුසුම් හෙලනවා
පවස
නිවන්නට පහන් තිරේ
නිදිබර දෑසින්
අකුරු ගණිනවා
සිහින විමානෙක
සිත දැවටෙනවා
කුණාටුවක් සේ
තෙරපී දැවටී
පොර බදනා සිත
වල්මත් වෙනවා
සමනළ සිතිවිලි
රොද බැඳ සිත තුළ
පියා
සලන්නට ගුවන අරා
කෑමොර දෙනවා සුසුම්
හෙලනවා
නෑඹුල් දෙරණත සුවඳ
උරා
දෙමහල් මැදුරක
සඳළුතලාවෙන්
දුනුදිය ඇදුනා
නිරන්තරේ
නෙතු හී සර
වැද විනිවිද යන හද
ඉකිබිඳ හැඬුවා
වරින් වරේ
හද සන්තානේ සුහුඹුල් පැතුමන්
අවදි කරන්නට මියුරු සරෙන්
මත් බමරින්දෝ ගීතනු ඉහිරත
ළපළු පතක් විණි මා සිත කම්පිත
රන් සන්නසකින්
ලියා දුන්නු පෙම
නිදන් ගැබේ සඟවා
ගෙන තිර කොට
සෙනෙහස
රැකවරණය මා සතුනම්
සිටු මැදුරේ
සිරි නැතුවට කම් නැත
චංචල හිත යළි
වල්මත් වේයැයි
ලෙන් දොර
වැහුවෙමි දිනක වැරෙන්
දුවන මුවන්
දැක ලොබ වනු කුමකට
අතනාරින්නෙමි
නෙළූ පළා මිට
18.12 .2004
No comments:
Post a Comment