සුවපහස් දෙන නේක යාන වාහන ඇතත්
මගෙ අහිංසක
පැතුම් මිලානව පණ අදී
ප්‍රේමයේ
රැකවරණ පතා දිව ආ දිනය
සිහිනයක් වගෙයි
අද පියෙවි සිහියට මගේ
සිදාදියෙ
කලබැගෑනිය නොනිමි දිවා රෑ
ගමේ සංයත
නිසංසලය මසිතට ගෙනේ
මා-පියන් සෙවන තුළ ලැබු උණුසුම නොලැබ
පාළුවේ ගිනි
මැලය නිබඳ සිත දැල්විලා
පියාඹා එන
පිණිස කඳුළු සුසුමින් යුතුව
ඔබ කෙරෙහි
ද්වේශයෙන්
ඔහුගෙ ලොව ලොල්කළෙමි.
දිළිඳු ගම ඒ
ගමේ මෑණියෙනි පියාණෙනි,
රජ මැදුර යස
ඉසුරු කටු ඔටුන්නකි හිසට
තාරකාවක්
සදිසි දිළෙන රිවි කිරණ වැද
මුළු ලොවම
පිරුවටෙකි පිරුලකට ගෙන අඳින
නොළංවන ඉවුරු
දෑලක් තෙමා දෝවන්න
ගඟ ගලයි ඉවුරු
දෑලම හෙමින් ඉකිබිඳී
මල්ලිකා බණ්ඩාර
1987. 08.09
No comments:
Post a Comment