සමුගැනීමක්
වැව් තාවුලේ
වෙල ඉස්මත්තේ ඈත
පැල් කවි
ඇහෙයි රෑ හඳපානේ සීත
තරුකැට
සිනාසෙනවිට දිගුකොට දෑත
අපෙ
පෙම්පුරාවත සිහිවී එයි මෑත
පැල් කවි
අහන්නට ඔබ පැල් රකින කොට
නෑඹුල් සුවඳ
මැද රත් හැල් කපන විට
ගෙපලට ගෙනත්
අස්වනු අටු පුරන්නට
දාහක් පැතුම්
තිබුණා ඔබ පතන්නට
හිරු සැඟවෙලා
තරු හිනහෙන සැඳෑ පැයේ
ඉපදී මියැදුනා
හැඟුමන් මගේ ළයේ
අයියන්ඩියේ මට
හිත බැඳි කුඩා වියේ
මා අමතකද
සරසවියෙදි සිදාදියේ
දුනුකේ සපු
කැකුළු නංවන බමර ගුමූ
සීතල වන්නියේ
කුරහන් සුවඳ හැමූ
පැල්කොන පිලේ
තුන්හිරියා පැදුර දැමූ
කෙඳිරූ අහස්
අමතකනම් ගනිමු සමූ
මල්ලිකා එම්. ඩී. බණ්ඩාර
රිවිරැස - 1988
No comments:
Post a Comment