(Third text of my "Dead Sea Scrolls")
කුරහන් සුවඳ
මුසු සුළඟේ සිහිල ගැනි
පාළුව කාන්සිය
හද ඈඳෙන්න වුණි
අද තනි පැලට
හෙට සිරිදුව වඩිනුවැනි
මට උඹෙ සිනා
යායක් පීදුනා මෙනි
මදු මල්
පරවෙලා සුළඟේ රැඳි හින්දා
සඳ පත දිය
වෙලා ගනඟුර වැඩි හින්දා
මා නෙත පැතූ
රූ දියවී ගිය හින්දා
වැට අද්දර ගහේ
කිරලෙක් ඉකි බින්දා
සඳින් සඳ රේණූ
උතුරා ගියාදෙන්
මලින් මල්
රේණූ ගිළිහී ගියාදෙන්
හැඬු රන් සීනු
හඬ වියැකුණා දෙන්
උඹෙන්
වෙන්නූනු සිත මියැදුනාදෙන්
මල්ලිකා බණ්ඩාර
සිළුමිණ “කවිමුතු” - 1979

No comments:
Post a Comment