Tuesday, 20 September 2016

සිහින පැදුරු


I found some of my early day’s poems, which I call the “Dead Sea Scrolls”. Some of the publications originated during my school days, which I was written for week end Newspapers at that time, such as Sri Lankadeepa, Silumina (කවි මුතු) and Rivirasa. This poem was published on Sunday, 18 September 1972.    
          
                        
 සිහින පැදුරු

ඈත එපිට අරණක හද පාළු පුරනවා
සීත සුළං රැළි අතරට සුසුම් කවනවා
චන්දන සුවඳින් චාමර පවන් සලනවා
නිල් විල් තෙර සුව යහනක මා සැතපෙනවා

සඳක් නැගේදෝ සඳ වට තරු ඉහිරේදෝ
මලක් පිපේදෝ මලවට බමරු පිරේදෝ
ගිමන් නිවන්නට ගමනේ නිමක් තිබේදෝ
පැතුම් පුරාගත් දෑසේ කඳුළු  සිඳේදෝ

රන් රන් රන් රන්සළු රන් ගතේ එතීයන්
නිල්වන් නිල් මහනෙල් පැහැ නෙතග රැඳීයන්
සීන ලොවෙ සඳ පහනක මල් පිබිදීයන්
ඒ දෑසේ නැගෙන කැළුම් ම'නෙත ගැටීයන්

කටු අකුලක මලක් පිපී සුවඳ පිරෙනවා
කලක් ගියා ඒ මල් පෙති බිම වියැළෙනවා
සීතල වප් මහේ කුරුළු ගීත ඇහෙනවා
හීන දකින මා හදවත කෑමොර දෙනවා

මෙතුවක් කල් මතක අතර ඔබ හදගන්නා
ඔබ පිළිබඳ සිහින පැදුරු ආන බඳින්නා
මගේ පැදුර හොරු අරගෙන මට දුක්දෙන්නා
පාළු පැලේ බිම වැතිරී මං  නිදියන්නා

මල්ලිකා එම්. දෙමටදෙනිය​ (Sunday, 18 September 1972).   





No comments:

Post a Comment