නිහඬ රෑ මැදියමේ ගන අඳුරු කුටිය තුළ
යන්තමට වැනෙද්දී කැකුණ තෙල් පහන් සිළ
ගෙදර දෙවනත් වෙන්න හඬාගෙන උපන් මුත්
ළමා විය යොවුන් විය හැමතැනම තහංවිය
නටා කෑකෝ ගසා නිසල බව බිඳින්නට
හිතේ ආසා බෝය නැවුම් ලොව විඳින්නට
ගුරුගෙදර අණ පණත් දඬුකඳේ ගසනු දැක
ගොළු වුණා කෙළි කවට සිනා නැති ඉසව්වක
කුල සිරිත් හරස්වී රජදහන බිඳෙන කොට
සනුහරේ බලමුළුව අවි දරා හඹනවිට
දහ අතේ පිළින දුන් පණ වගේ රකින්නට
නුඹත් ඔච්චම් කළා නිරායුධ සෙබළියට
ඉල ඇටෙන් නිමාවුණ නිසා වහළියක ලෙස
ඉල ඇටෙන් නිමාවුණ නිසා වහළියක ලෙස
පරපුරෙන් පරපුරට දරාගත යුතුද දුක?
හඬක් නැති ගැහැණුකම සිරගතව හිඳිනු දැක
නියත මරණෙට බියෙන් ගොළුව මිය යායුතුද ?
මල්ලිකා එම් බණ්ඩාර
12.12. 2017
No comments:
Post a Comment