මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය.
දවස් ගෙවී යන්නේ අපට ඕනෑ
විදියට නොව කාලයට අනුගත චක්‍රයකටය. අපි ඒ චක්‍රය ගමන් කරන වේගයෙ නොව අප විසින් හරියයි සිතන වේගයෙන් ඔහේ ඇදී යනු ලබයි. අප ලෝකය ගමන් කරන දිසානතියෙන්
පරිබාහිර පසුගාමී සත්වකොට්ඨාශයක් ලෙස ජීවිතය ගෙවන්නෙමු.
මාස හයක් ගතවීමටත් පෙර අම්මත් තාත්තාත් පුංචි අක්කා වරුණ අයියාට නීත්‍යානුකූලව විවාහකර
ගැනීමට බලකළ අතර මාස කීපයක ඇවෑමෙන් කිසිදු උත්සවාකාර කළ එළියකින් තොරව විවාහය සිදු
කරනු ලැබිණි.
"රට්ටුන්
ගෙන් නව නිග්ගරහ අහනවට වඩා හොඳයි ඔහොම දේකට
හරි කැමැති වුණ එක".
එදා හවස අම්මාත් තාත්තාත්
පුංචි අක්කාගේ විවාහය පිළිබඳව කතාකළේ ඒ අයුරිනි. ඉන්පසු වරුණ අයියා අපේ ගෙදර
යාවජීව සාමාජිකයෙක් විය.
අක්කා වැඩට ගොස් එනතුරු
වරුණ අයියා නිදාගත්තේය. කුම්භකර්ණයා ගෙදර සිටියදී පවුලේ අන් සියළු දෙනාටම හැකිතාක් නිහඬව සිටින්නට සිදුවිය.
එක අතකින් අපි අපේ ගෙදරම සිරකරුවන් ගාණට වැටි ඇත.
ටික දිනක් ගතවූ පසු අම්මගේ ඉවසීමේ සීමාව ඉක්මවන ලකුණු පහළවිය. ලොකු අක්කා විශ්ව විද්‍යාලයෙන් පිටව ගෙදර එනවිට ඇයට ජීවත් වීමට සුදුසු පසුබිමක් මේ ගෙදර
තිබිය යුතු බව, පුංචි අක්කාටත් වරුණ අයියාටත් හැර අප
කාටත් අවබෝධවී තිබුණි.
එක් සති අන්තයක තාත්තා
විසින් අපේ වත්ත කෙලවර ගෙපැලක් සකස් කර මිනිසුන් කීප දෙනෙකුගේ සහායද ඇතිව ගෙදර
තිබුණ දැව දඬු යොදා අඩි පහලවේ විස්සේ පරිමාණයට ගෙයක් හදන්නට පටන් ගනු ලැබිණ. වරුණ
අයියාගේ ඉංජිනේරු තාක්‍ෂණය මුළු දහවල්
කාලයම නිදා සිටියදී ගමේ ගොඩේ මිනිසුන් එකතුවී ගෙයි මූලික කොටස් ඉදිකරණු ලැබිණි. අම්මා
විසින් වියන ලද පොල් අතු සෙවිලිකර සතියක් ඉක්ම යන්නටත් පෙර කටුමැටි ගසා කාමරය
නිමකර තිබිණි . ගෙට
ගෙවැදියයුතු වේලාවක් අම්මා විසින් නැකත් රාළ ලවා සකස් කරගෙන තිබිණි.
අලුත් යුවළට අයත් ගෘහ
භාණ්ඩ අතර දෛනික ඉවුම් පිහුම් වලට අවශ්‍ය හැලි වළං සහ වල් දෙල් ලීයෙන් නිමවු ඇඳක් පමණක් විය. පුංචි අක්කා කෙරෙහි කියා නිම
කළ නොහැකි අනුකම්පාවකින් මගේ හිත කීරි ගැහෙන්නට විය. ජීවිතය ගැන අතිමහත්
බලාපොරොත්තු ගොන්නක් පොදිබැඳගෙන බෙහෙවින් සැහැල්ලු
මනසකින් ලෝකය දෙස බලන්නට හුරු පුරුදුවී සිටිය පුංචි අක්කාගේ ඉරණම මේ තරම් කටුක
වුණේ අහවල් කරුමෙකටද කියල වෙලාවකට මට සිතුණ. ඒත් ඇය විසින්ම ඇගේ ලෝකය ගොඩනඟා ගතයුතුව ඇත. දෙමව්පියන් වශයෙන් හෝ
සහෝදරියන් වශයෙන් අපිට ඉන් එහා මැදිහත් වීමකට ඉඩක් නැත.පුංචි අක්කා නැති ගෙදර බෙහෙවින් පාළුය. කෙළිකවටකම් අතර අප ගතකළ බාලවිය මගේ මතකයේ ශෝකාකූලවූත් ආහ්ලාද ජනකවූත්
සිතිවිල්ලෙන් ඇඳී මැකීයන්නේ දවසකට වරක් දෙවරක් නොවේ.
කොම්පැණි රබර්වත්තට යාව
අපේ ගෙදර වත්තේ එහා කෙළවර ඉදිවුණ පුංචි මන්දිරය පුංචි අක්කාගේ නිවහන විය. ඔවුන්
එහි පදිංචියට ගිය පසු අක්කාගේ සෑම සති අන්ත නිවාඩුවක්ම ගතවුණේ අළුතින් ඉදි කරගන්නට අදහස් කළ ගෙයකට අවශ්‍ය ගඩොල් කපා ගන්නටය. පුංචි
අක්කා ඇගේ දුක්ඛිත ලෝකයේ තනි වූවාය. ඉඳහිට සවසක
අපේ ගෙදර උයනලද මාලු පිනි ගෙනගොස් දෙන්නට මාත් නංගීත් පුංචි අක්කාගේ තනි කාමරයේ
නිවහනට ගොඩ වැදුනෙමු.
මේ අතර පුංචි අක්කා
විසින් බැංකු ණයක් ගෙන ඒ මුදලින් කාමර දෙකක පුංචි
ගෙයක් සඳහා අත්තිවාරම් දමන ලදී. වරුණ අයියා ඉහුම් පිහුම් වැඩත් ගඩොල් කැපීමේ, ඒවා වේලීමේ සහ සුරක්‍ෂිතව ඇසිරීමේ වැඩ කටයුතු නොපිරිහෙලා කළ අතර පුංචි
අක්කා ඇගේ සුළු වැටුප අරපරිස්සමින් වියදම් කළාය.
රැකියාවක් තිබුණත් බැංකු
ණය වාරිකය පියවීම සඳහා අප්‍රමාණ කැපකිරිමෙන් යුතුව පුංචි අක්කගේ ජීවිතය ගතවුණේ
දුක්බරවය. නිමක් නැති රණ්ඩු දබර මැද පරපෝෂිතයෙකු නඩත්තු කරන්නට පුංචි අක්කාට සිදුවීම ගැන අම්මාත්
තාත්තාත් බොහෝසේ ඉවසන්නට ඇත. හැම මොහොතකම හිනාවක් රැඳුන පුංචි අක්කාගේ මුහුණ දකින
හැම විටකම ඇය විසින් හිත තුළ තෙරපෙන සෝ ළතැවුල්
යටපත් කරන්නට දරන තැත සැඟවීමට ඈ අපෝසත්වන බව පෙනෙන්නට තිබිණි.
මේ අතර ලොකු අක්කා ගෙදර
ආවාය. ඇය තුළ පෙරතිබූ උද්‍යෝගය පහව
ගොසිනි. ප්‍රබෝධය වියැකී ගොසිණි. අප සමඟ කතාකළේ ඉතාමත් අඩුවෙනි. බැලූ බැල්මට විශ්ව විද්‍යාලයෙන් පිටවන විට ලොකු
අක්කා සතු සියල්ල කිසිවෙකු විසින් හොරකම් කරගත්තා වැනිය. හරියට ජීවිතය බද්දට - උගසටදී ආවා වැනිය. ඇයටද රැකියාවක් ලැබෙනතුරු කොතෙක් කාලයක්
නම් ගෙදරටවී සිටිය යුතුදැයි නිශ්චිත නැත.
පරඬලාපතක් මෙන් ඇගේ සිරුර කෙසඟවී තිබුණි. ඇයගේ මුහුණේ සිනාව අතුරුදන්වී තිබුණ අතර සජීවී සත්වයෙකුයැයි කිව නොහැකි තරමට කායිකව වැහැරී, සෝදා පාලුවට ගිය බවක් පෙනෙන්නට තිබුණි. ඇයගේ සජීවි දෑස්, ඇස් කුහර තුළ කිඳා බැස තිබුණ අතර තවදුරටත් පෙර පුරුදු සතුට දකින්නට නොලැබුණි. හැම විටම එකාකාර, අර්ථ ශුන්‍ය බැල්මකින් ඇය බොහෝ වේලාවක් බැලූ අත බලා හිඳ හීල්ලුවාය. ලොකු අක්කා විසින් දුටු සුභ අනාගතය අතඟිලි අතරින් ගිළිහී ගියාක් මෙනි. පවුලේ අනික් අයට නොපෙනෙන, මට පමණක් පෙනෙන වෙනස කුමක්දැයි දහ අතේ කල්පනා කළා මිස, නොයෙකුත් අනුමාන ඔස්සේ අවිනිශ්චිත නිගමන වලට ඉඩ දුන්නා මිස අක්කා ගෙන් කෙලින්ම ඇසීමේ හෝ වෙනත් කෙනෙකු සමඟ සාකච්ඡා කිරීමේ දිරියක් මාතුළ නොවුණි.
පරඬලාපතක් මෙන් ඇගේ සිරුර කෙසඟවී තිබුණි. ඇයගේ මුහුණේ සිනාව අතුරුදන්වී තිබුණ අතර සජීවී සත්වයෙකුයැයි කිව නොහැකි තරමට කායිකව වැහැරී, සෝදා පාලුවට ගිය බවක් පෙනෙන්නට තිබුණි. ඇයගේ සජීවි දෑස්, ඇස් කුහර තුළ කිඳා බැස තිබුණ අතර තවදුරටත් පෙර පුරුදු සතුට දකින්නට නොලැබුණි. හැම විටම එකාකාර, අර්ථ ශුන්‍ය බැල්මකින් ඇය බොහෝ වේලාවක් බැලූ අත බලා හිඳ හීල්ලුවාය. ලොකු අක්කා විසින් දුටු සුභ අනාගතය අතඟිලි අතරින් ගිළිහී ගියාක් මෙනි. පවුලේ අනික් අයට නොපෙනෙන, මට පමණක් පෙනෙන වෙනස කුමක්දැයි දහ අතේ කල්පනා කළා මිස, නොයෙකුත් අනුමාන ඔස්සේ අවිනිශ්චිත නිගමන වලට ඉඩ දුන්නා මිස අක්කා ගෙන් කෙලින්ම ඇසීමේ හෝ වෙනත් කෙනෙකු සමඟ සාකච්ඡා කිරීමේ දිරියක් මාතුළ නොවුණි.
මේ අලකලංචි මැද්දේ තෙරපෙමින් සිටියා හොඳටම ප්‍රමාණවත් යයිද දැන් මගේ වාරය පැමිණ ඇතයි
මම සිතමි. ජීවිතයක් යනු මිල කළ නොහැකි අනර්ග වස්තුවකැයි සිතන්නට මගේ හිත මට බල
කරනු ලැබිණි. අක්කලා දෙන්නා අතින්
ගිළිහුණ යම් වටිනා දෙයක් ඇද්ද පවුල වෙනුවෙන්
මවිසින් එය අහුලා ගත යුතුව ඇත. උසස් පෙළ පන්තියට ගියදා සිට මගේ ඉගෙනීමේ වැඩ නොපිරිහෙලා ඉටු කරන්නට මම අදිටන් කර ගතිමි. ලොකු අක්කා
මට උදව් කළාය. විශ්ව විද්‍යාලය මගේද සිහිනය වී තිබිණි. ජනකත් මාත් අතර සමබරතාව
පවත්වා ගෙන යාම කෙරෙහි මම විශේෂයෙන් සැලකිලිමත් වීමි.
පුංචි අක්කා දරු හුරතල් බලන්නටද ඉක්මන් වූවා වැඩියයි මට සිතුන වාර අනන්තය. අලි
මදිවට හරක් කියන්නැහේ තවත් ජීවිතයක් මෙලොවට ගෙන ඒම කොයිතරම් හිතා මතා කළයුතු දෙයක්දැයි මම නොයෙක් විට සිතා ඇත්තෙමි. විවාහයත් සමඟ දරු සුරතල් බැලීම යනු ජීවිතය
සාම්ප්‍රදායික පෙට්ටීයට දමා සියතින් අගුළු ලෑමක් වැනියයි සිතන්නට මම පෙළඹුණෙමි. අම්මා මෙන්ම ලොකු අක්කාද ඔවුන් ගේ අප්‍රසාදය එළිපිටම පෙන්නන්නට නිර්භයව
ඉදිරිපත්වූ මුත් මම කිසිත් ප්‍රකාශ නොකෙළෙමි.
පුංචි අක්කා ගේ සොච්චම්
වැටුප තුන් දෙනෙකුගෙන් යුත් පවුලක එදිනෙදා කටයුතු සඳහා ප්‍රමාණවත් නොවනු ඇත. රක්ත
හීනතාවයෙන් පෙළෙන ගැබිණි මව්වරුන් දකින විට මසිත බියපත් වෙයි. මන්ද පෝෂණයත්, රක්ත හීනතාවයත් නිසා අම්මා
පවා නොයෙක්විට රෝගාතුරවූ බව මට මතකය. වරුණ අයියා වැනි වංචනිකයෙක් දරුවෙකු දී පළායනු ඇතැයි අම්මාත් අක්කාත්
සැක පහල කරන්නට ඇත.
මේ අතරතුර වරුණ අයියා ගමේ
හොර අරක්කු තිප්පොලකට යන්නට එන්නට පටන් ගැනීම නිසා ලොකු අක්කාත් අම්මාත් දෙදෙනාම
යක්‍ෂාවේශ වූවන් මෙන් හැසිරුනි. තාත්තා දැඩි නිහැඬියාවක නිමග්නව දවස ගෙවා දමන්නට
පුරුදු විය. පසු කාලයේදි මේ නිහැඬියාව විසින් තාත්තා කුසීත පුද්ගලයෙකු බවට
පරිවර්තනය කරනු ලැබිණි.
අපේ පවුලේ එකිනෙක
සාමජිකයාගෙ හැසිරීම් රටාවන් නිරීක්‍ෂණය කරන විට කොතැනක හෝ වැරැද්දක් සිදුවී ඇති බව
පෙනෙතත් වැරැද්ද සිදුවුණේ කොතැනද යන්න හරියටම නිශ්චිතව ඇඟිල්ල දිගුකර පෙන්වන්නට
තරම් පැහැදිළි වූයේ නැත. කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් අපේ ජීවිත නොදන්නා
ඉසව්වකට ඇදගෙන යනු ලැබිණි.
පුංචි අක්කා පුතෙකු බිහි
කිරීමත්, ලොකු අක්කාට උපාධිධාරී ගුරු
පත්වීමක් ලැබීමත්, මා පේරාදෙණිය සරසවියට ඇතුළත් වීමේ
වරම් ලැබීමත් සිදුවූයේ එක කාල වකවානු වලදී බව
මට මතකය. පුංචි අක්කා වැඩට ගියවිට කුඩා දරුවා බලා කියා ගත්තේ වරුණ අයියා විසිනි.
හවසට බීගත් පසු වරුණ අයියා අක්කා සමඟ සන්ඩු සරුවල් කර ගැනීම පුරුද්දක් කර ගත් බව
මා දැන ගත්තේ නංගී ගෙනි.
"ගෙනත් දීපන් ඔය උනහපුළුවා මෙහාට. "
පුංචි අක්කා දරු
සෙනෙහසින් හඬා වැටුණාය.
ඒත් අම්මා ඇගේ තීරණය
වෙනස් කළේ නැත.
"තමන්
ගේ ගෑනීයි දරුවයි බලාකියා ගන්ට බැරි අප්පලා ගෙන් ඇති වැඩේ මොකද්ද? මං උන්දැට හොඳ පාඩමක් උගන්වන්නංකො. එක්කෝ ඉඳියි නැත්නං මෙතැනින්
මකබෑවෙලා යයි".
මාස තුන හතරක් තරම්වන විට
පුංචිඅක්කාගේ දරුවා අපේ ගෙදර ඇතිදැඩි වෙන්නට පටන් ගැනිණි. තාත්තා බොහෝ විට පරණ නාඩගම් ගීත ගායනා කරමින් සිඟිත්තා නළවන අයුරු මටද
මතකය. ජීවිතය සුන්දරයයි සිතන්නට වාගේම එහි අඳුරු කඩතුරා වලින් වැසී හෝ වසා දමා
ඇති සත්‍යය නිරාවරණය වූ විට අක්මුල් නොපෙනෙන තරම් සංකීර්ණවූත් දුක්ඛදායකවූත් අත්දැකීම් වලින් මිරිකෙන්නටද අපට සිදුවුණා මතකය.
මීළඟ කොටස නුදුරේදීම...