නොවිසඳුන නොවිසඳෙන
ගැටළුවකි
ජීවිතය
දම්වැලක පුරුක් මෙන්
එකින් එක හා
වෙලා
දුකද සැප දෙක
එකට
ගලායයි පාවෙලා
නොනිම් සුවහස්
සිහින
කලාලය අතුරලා
අද දවස
දුක්විඳී
නොඑන හෙට මඟ
බලා
මියැදි ඊයේ
දවස
යළි නොඑන
අයුරු දැන
කිමද නූපන්
හෙටට
ලොබ බඳිනු
ඇඟිළිගැන
දිවමන්ව හිඳින
අද
සෙනෙහසින්
වැළඳ ගෙන
ජීවිතය අමිල
බව
මෙනෙහි කර
හිඳිනු මැන
මල්ලිකා එම්
බණ්ඩාර
20. 02. 2018
No comments:
Post a Comment