අත හලෙමි දෙරණ මත
ශුද්ධවූ ලියවිල්ල
අපුල මිස, ශුද්ධවූ
යමක් එහි නොවූයෙන්
වෛරයේ ක්‍රෝධයේ ලේ තරල
තැවරිලා
පෙඟී ගිය පිටු අතර
කැටිගැසී
මොරගසන අඳෝනා ඉකිබිඳුම්,
දෝංකාරය මිසක, දෙවි කෙනෙකු නොදිටියෙන්
යුධ බියෙන් පලායන
මිනිසුන්ගෙ
ළයට තුරුළුව හිඳින දරු
පැටව්
සාපිපාසෙන් නඟන කෙඳිරිල්ල
තියුණු සැතකට වඩා මුවහත්ව
කකියවයි හද මඬළ සිදුරු
කර
ජාතිවාදයේ අත්පොත ලියා
දතට දත ඇසට ඇස නියතියෙන්
හුදී ජන හදවතේ පහන් සංවේගයෙන්
කාලයේ කතාවයි මේ
බිම්කඩට පොර බදන මිනිස්කම පොලුගසන
සත්ව සංහාරයේ වන පෙතක
වැයෙන රණ බෙර ලයට
රණ ගීත ගයා මියදෙනු මිසක
යාතිකා පද අතර දුටුවාද
විමුක්තිය යම් කෙනෙක්?
විමුක්තිය යම් කෙනෙක්?
මල්ලිකා එම්
බණ්ඩාර
No comments:
Post a Comment