පැල් බැඳගෙන නුහුරු පාළුව හතර අතින්
වල්මත්වෙලා වාගෙයි ජීවිතය නිතින්
වාවනු නොහී හිත පාරන තියුණු සැතින්
"සුදු
හාමිනේ..." ගීතය මිමිණුවා හිතින්
හිස් අහසට යොමා
නොපෙනෙන තරම් දිග
මා හිත ලුහුබඳියි නුඹෙ රුව රැඳුන මඟ
නිසැකව දැනෙන විට ළංවිය නොහැකි වග
කඳුලැලි අමුණ බිඳුණා ගං දෑල ළඟ
නුඹේ මුදු සුවඳ රැඳි කුටියේ තනිව හිඳ
සිහිපත් කරන්නෙමි මිමිණූ මියුරු පද
මුවවිට පිරී ඉතිරී යන මතක රොද
පසෙකින් හිඳී මගෙ තනි නොතනියට අද
කඩිනම් එහෙත් මුදු පා යුග ගැටෙන හඬ
තවමත් ඇහෙනවා මට බුමුතුරුණ මැඩ
මහ රැජිනක්ව නුඹ ගමරට වඩින හැඩ
සිතුවම් කරමි ඉම නොපෙනෙන අහස උඩ
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment