වසන්තය අතු ඉති නමාගෙන
තුරු මතින් එබිකම් කරන්නී
දසන්තය මන් මත් කරන්නට
නෙක වණින් මල් දම් ගොතන්නී
දිගන්තය පිස සිහිල් මද නල
සිතට නව ජීවනය දෙන්නී
ළහිරු පොද පිනි පොකුරු පිසදා
නැවුම් දවසක මඟ සදන්නී
දුකද සතුටද කියා නොදැනෙන
දහක් සිතුවිලි හිතේ තෙරපෙන
ඉරත් සඳ පළුවත් උදාවී
දිවා රෑ සලකුනු කරන්නේ
විලක් වාගේ පිරී ඉතිරෙන
තනිකමයි කොපුලත තෙමන්නේ
වලක්වන්නට හිම කුණාටුව
වාරු නැතිවයි පොරබදන්නේ
මල්ලිකා එම් බණ්ඩාර
28. 08. 2018
No comments:
Post a Comment