උදා පිණි කැට
මුදා තණ මත
නැවුම් දවසක්
දොරට වැඩුණා
අවර දිග ගැබ්
බර මුදාලන
අසෙණි සන් හඬ
දුරින් ඇසුණා
හිරු කිරණ ඇසි
පිය අරින සඳ
පොළෝතලයට අසිරි
ගෙනෙනා
බිඳක්වත් කළු
නොකළ අහසේ
ඉඳු සැවක් සිතුවම්ව
තිබුණා
විසුරුවන සේ
විදුලි රේකා
සුවහසක් සර
පහර බිඳෙනා
අහස් රඟ මඬළත සිසාරා
වැහි ළිහිණි
කැළ පියා සළනා
ඈත කඳු මත දුහුල් පට සේ
සිහින් මීදුම්
කැරැළි වෙළුණා
පොදක් ඇවිදින්
දොවා තුරුලිය
හෙමින් මිහිබඳ
මතට හැළුණා
මල්ලිකා එම්
බණ්ඩාර
22. 08.
2021

No comments:
Post a Comment