ගෙපැලේ පැදුරු
කඩමලු සිරි යහන් වට
ගී පද බැඳෙයි
රෑයම මදුරු තනුවට
නිදිසුව දැහැන්
බිඳෙතැයි ළෙහි තුරුළු කොට
එළිවෙනතුරා
නිදි වැරුවා දරු දුකට
හිස් හැළි වළං
ලිප ළඟ ගිනි තපින කොට
ගිනිදැල් මෙළවුණේ
නොදැනිම පපුව යට
කිරිකළ හතෙන් නුඹ බෝමැඩ දොවන කොට
මඬ වගුරක් තැනුණි මගෙ ළය මඬළ යට
දිඹුල මලේ රොන්සුණු
වැල් දකින්නට
තවමත් නුඹ රැඳෙයි
ගහ මුල සෙවන යට
මව් පදවියට
හිමි පුද පෙත් නොලද කොට
නාඬන් නඟේ ලේ කිරි පැහැ නොවුණාට
හත් පොලයක්ම දරු හුරතල් බැලූ මට
හත් දීපංකරේ ඉහිරුණ දරු පෙමට
උහුලනු බැරුව මහගෙයි තනිකම හිතට
පලබර වුණේ ඇයි කියලා හිතුණි මට
මල්ලිකා එම්
බණ්ඩාර
15. 07. 2014
No comments:
Post a Comment