මහවැළි නිම්නයේ උද්‍යාන තීරයේ
ගංඉවුර කෙලවරේ
පිපෙන තලමල් සුවඳ
පාවෙලා ඇවිදින්
මතකයේ මං පෙතේ
කැන්දාන ගියා දුර ඈතකට
ගන්නෝරු
වංගුවේ
ගං දඟරයට යාව
පුංචි
කඳු ගැටය මත
අපේ
නිවහනේ සිට
බලා හිටියා කලක්
ගලායන අපූරුව මහවැළිය
වැහිදාට සැහැසි වී
ඇදුන හැටි වියරුව
සිහින්
මීදුම් පොදක්
දුහුල්
සළුවක් වගේ
කඳු
ගැටය වසාගෙන
තුනීවී යන අයුරු අසිරියකි
ඒ අසිරිමත් නිමෙස ගිළිහිලා
රැඳී ඇත හිත කොනක ගුලිවෙලා
වෙල්
යාය සිසාරා
ඇදෙන
කිරිකොක් රෑන්
අඳින
සිතුවම් රටා
පෙර නිමිත්තක් වගේ
අනියතවූ සිහිනයක
ගියෙද සීසී කඩව විසිරිලා
නුදුරු උද්‍යානයේ
අඳුරු
තුරු මුදුන් වල
ගිමන්
හැර දිවා කල
උඩුකුරුව ලොව
දකින
දස දහස් ගණන් මා
වවුල් රැල
සැඳෑ
කළුවර සමඟ
පියාසර කරද්දී සළිතවී ගියෙද හිත
ඊතල වේගයෙන් පතිත වී
වෙරළු දොඹ ගෙඩි වගේ
ඇද හැලෙන වැහි බිංදු
අතු පතර බිඳෙන විට
කොපුල් තල තෙමා ගිය කඳුළක්
මතකයේ බොඳ වුණා
තල් මලේ පෙති ගිළිහෙනා විලස
මල්ලිකා
එම් බණ්ඩාර
No comments:
Post a Comment