Wednesday, 19 January 2022

දුරුතු පුර හඳ



රිදී තැටියක් සදිසි දුරුතු පුර හඳ පළුව

හිඳී යන්තම් එබී " මනුකව් " අහස් ගැබ

එලා ඇතිරිලි සිනිඳු රන්හුයෙන්​ වියන ලද

වයිටාකරෙ” කඳු පන්ති සයනයේ

විඩාපත් හිරු මඬළ ​ සැතපිලා 


වළා විරහිත නීල අහස් බඳ පුරහාම

තාරකා මල් ඉහුණ​ වියන් බැඳ  මනරාම​       

පේවිලා සැඳෑ කළුවර බලා හිඳිනවා 

හරිත වන වදුළු මත අඳින්නට​ සිතුවම්

 

පමාවූ නිසාදෝ කඩිනමින් පියාඹන

කුරුළු රෑනක් ඈත අහස් බඳ සිසාරා

සයුරු ඉම "ටැමකි හිසකෙලවරේ

වන වදුළු පරාදීසය කරා ඇදෙනවා

 

නිවා ගත සිත වෙහෙස​ වන ගහනයට වැදී 

උන් ගෙ “ෆානව්” සමඟ​  හිඳින්නට කැදැල්ලේ

බෙදා සනහස පහස​ සැඳෑ ගී  සඳැල්ලේ

ටැමකි කලපුව උඩින් පියාඹති නිදැල්ලේ     

 

මල්ලිකා එම් බණ්ඩාර

18. 01. 2022

 

 

No comments:

Post a Comment