Wednesday, 2 February 2022

ගඟට කැපූ ඉණි

 

න්තාන කඳු වළල්ලට උඩින්  

ඉමක් නැති ඈත ආකාසයේ

වළා කඩ දෙබෑකර

පියාපත් විදා ගෙන

සැරි සරා දැනුනාද වෙහෙසක්

මට වගේ නුබටත්

 

මැකී ගිය සිනා කඳු සිඳී ගිය කඳුළු බිඳු

මල් ඉහුණ පටු පාර පීර පීරා සොයමි

භද් යෞවනේ පිපි ප්රේමය

නීල තණ පලස මත

ගිළිහුණාදැයි බලමි

 

විඩා බර ගමන් මඟ

සිහිල් තුරු සෙවන යට

නතරවී මොහොතක්

එළාගන්නත් කලින්  

සිහින පන්නම් දමා   

වියාගත් පන් පැදුර

ළසෝ ගිනි අවුල්ලා

හොරු අරන් ගිහිල්ලා

 

අනෝරා වැහි වැටී ගඟ ඉහත්තාවට

දෙගම් බඩ​ ඉවුරු බිඳ ගැලූ බොර දිය කඳට  

වර පටත් පිදුරුවී අතර මඟ බිඳුන තැන​

කැපූ පැල ඉණි ගඟට ගිළිහිලා ගියා වන

 

මල්ලිකා බණ්ඩාර

 1.02. 2022

No comments:

Post a Comment