ආදරය බෝ නිහඬනම්
සාගරය සේ ගැඹුරුනම්
ඔබත් මට ආදරය කළ බව
මමත් අදහන්නම්
සෙනෙහසින් ළමැදෙහි හොවා
ලද දෙයින් කුස ගිනි නිවා
ජීවිතේ ගැල කතර මැද
අතනෑර පැදවූයේ ඇයයි
මලින් මලකට ඉගිල ගියදා
බමර සෙය්‍යාවෙන්
නුඹෙන් ගිළිහුණ ප්‍රේමයේ
විරහ දුක වින්දෙත් ඇයයි
ඉහල තුරු හිස පිබිදිලා
යනෙන මහ මඟ ඉහිරිලා
දෙනෝ දාහක් පයට පෑගී
ජීවිතය මඟ හැරී යන්නැති
කොතනකදි හෝ වැරැදිලා
මල්ලිකා එම් බණ්ඩාර
26. 02. 2022
No comments:
Post a Comment