Tuesday, 8 February 2022

අම්මා


සරද සඳ සේ දිළෙන අහසේ

සොමි කැළුම් ගළනා 

තරු පහන් සිළු සිනා ගඟුළෙන්

සෝ තැවුල් සිඳිනා  

අම්මා...අම්මා......

බිඳුන මා සිත සුවය සදනා ​ ​

දිව ඔසුව අම්මා...

 

සෙත් කවක් වී නිබඳ ගැයෙනා

සත් පියුම් මුදු සුවඳ දෙවනා  

මගේ ජීවන මං තලාවේ

පහන් වැට අම්මා

දිව මතුර ​ අම්මා


     ගිනි මැදින් දළ රළ කඳින්

     අප එතෙර කළ අම්මා

     සසර කතරේ වෙහෙස නිවනා

     කෙම් බිමයි අම්මා


 

    මල්ලිකා එම් බණ්ඩාර​

    7.02. 2022

No comments:

Post a Comment