Thursday, 10 February 2022

උඳුවප් හීන​


 

ඉපදුනදා පුංචි පැටියෙක් බෙත්ලෙහෙමේ

රජතුන් කට්ටුවත් ගෙන ආවලු තෑගි

තේකුඩු සීනි තුනපහ ටික ගත්තාම​

පිංපඩියෙන් අතේ සතයක් ඉතිරි නැති

 

අම්මගෙ ඉණකඩට පොඩි මල් ඉහිරිච්ච​

දෙරියන් හමාරයි සුදු පැහැ චීත්තෙට​

සිදාදියෙන් උඹ එනකොට නත්තල් දා ​

අරගෙන වරෙන් ගම්වර කට වැඩිය වටී

 

වේලාපහින් ඔය වැඩපොල ඉවර වෙලා

ගත්තොත් යමක් පන්කොළ මල්ලක දාලා  

බිම නොවැටෙන්න මල්ලේ මුවවිට බැඳලා

පිනිමුව කරත්තෙන් එන රාලට දෙන්න​

 

පමා වුණෝතින්  හක්කලම දික් වෙලා

සැන්ටගෙ තෑගි මල්ලේ ඉඩ ඇහිරේවී

ජිමියා බුරන කොට කලබල වෙයි උන්දෑ

ඌ ගැට ගැහැව්වා මං  අද හැන්ඳෑවේ

 

වැඩපොල වැඩිම නං ගමරට නාවාට

පරහක් නෑ පුතේ කිරි උතුරයි උඹට​

කහටක් නෑ හිතේ මට තෑගි නැතුවට

එව්වොත් ඇති ලිවුං කරදහියක් අපිට​

 

මල්ලිකා එම් බණ්ඩාර​

29. 12. 2021

 

​

No comments:

Post a Comment