Saturday, 19 February 2022

අදුර විනිවිද

 

රජවරු යුධවදිති සෙබළුන් දිවිපුදති

උන් ගේ දා කඳුළු අත් පා කැපකරති

රතු පාවාඩ මත වැඩ සව්දිය පුරති

රන් අකුරින් රජුන් නම් කැටයම් කරති.

 

කිරි කළ හතක සනහා දරුවන් හදති

කුසපොතු තනන්නට මාපියවරු නහිති

අල්ලට සිඟාවත් සිප්සත සදනු රුති

යහමඟ යවන්නට වැරැවෑයම් දරති

 

වරිගය​, සමඟ ආගම පෙරමුණ තියති

හත්මුතු පරපුරම  සුඛවිහරණ විඳිති

දන මන මුලාකර උන් ගේ නහ විදිති

මහජන ගණා උන් ගේ මිරිවැඩි ලොවිතී

 

සුතනඹුවන් ගෙ කැඳ උගුරෙන් ණය ගෙව්වෝ

මහ සම්මතම ඉල්ලන යාචක එව්වෝ

උන් ගේ පන්තියේ උන්ටම ගැරැහෙව්වෝ

රජවරු බිසෝවරු දැක සැනසෙති සව්වෝ

 

දුක මිස සතුට යනු කිම නොමදත් හැත්ත​

නුවණැස අඳය නොදනී යායුතු පැත්ත​

අසනා නමුත් නෑසෙයි කියනා ඇත්ත​

පණුවා හඳුනාද කරවිලයේ තිත්ත​

 

මිණි කැට පය ගැටෙයි නොදැනුම් කමට මිල

දුදනන් කැට විදිති සුදනන් දකින කල​

දුසිරිත මිසක යහ ගුණ දම් පුරුදු කළ ​

මිනිසුන් නැති දැයක ඉරණම ඇදෙයි වල

මල්ලිකා එම් බණ්ඩාර​

12. 02. 22


No comments:

Post a Comment