සල් සපු නා වනේ සුවඳින්
පුරවන්ට
නිල් දිය දහර මත මුදු
රැළි අතුරන්ට
මල් වැහි ගෙනත් මද සුළඟේ
තවරන්ට
මෝසං වැහි ඇල්ල එනතුරු
ඉවසන්ට
මල් පිපුණාට බැද්දේ හැඩවැඩ
වෙන්ට
දැල් ඇදුනාට රොන් හොයනා
බමරුන්ට
පැල් බැඳුණාට බිඟු ගී
නද පතුරන්ට
මල් දුන්නට බැරිද දුනුදිය
බිඳ ලන්ට?
විල්තෙර බවුන් වඩනා පිළිහුඩුවන්ට
උස් ගිරි සිඛර පීරන ගිජු
ළිහිණින්ට
ගොදුරක් නොවී තනි පංගලමේ
ඉන්ට
මැදුරක් මොටද මගෙ පැල්
කොටය ඇති කොට
ඉංගම් හොයන උන් වටපිට
සරන කොට
අංගම් පොර නොවැද මඟ
හැර යන්න ගෙට
සුංගම් එකතු කර මං හනික
එනකොට
මල්මද බිසව් නුඹ එනවද
පැන් තොටට?
මල්ලිකා එම් බණ්ඩාර
13, 01. 2022
No comments:
Post a Comment