ඉහට ඉහලින් පිපුණ හත්දින්න තරු පොකුර
හූල්ලන්නේ ඇයිද නෙළා ගන්නට බැරුව
සිහින් මීදුම් සළුව කඳු මුදුන එතුනාට
යාකරන්නට හැකිද අහස සහ මහ පොළොව
සත් සමුදුරෙන් එහා හුදකලා කොදෙව්වේ
නිම් වළල්ලම කපා පලා ආවෙන් ඉගිළ
වෙහෙස දැරුවා පමණි දුර අහස සිප ගන්න
කොයිතරම් වැට කඩොළු තිබුණාද පැන ගන්න
පෙරුම් පිරුවා මිසක කිරුළකට හිමි නොවන
පළා උරහිස
සැතින් ඔබ නිසා හිත රිදුන
ඇණ ගැසන්නට යෙදුණ දකුණු කුරුසේ මුදුන
මුළු හිතින් පෙම් බැන්ද මමයි නුඹෙ රතු තරුව
දකුණූ දිග අහස් ගැබ අරා හිඳ බැලුම් ලන
මුදාලන දුනුදියට ඉලක්කය
අල්ලාන
දඩයක්කාරයා
නිරායුධවී හිඳින
බඳ පටිය ලිහා ගෙන මඟ බලන කරුණ කිම?
මල්ලිකා බණ්ඩාර
5. 02.
2022
No comments:
Post a Comment