Friday, 11 February 2022

අබිනික්මන

 

භද්‍ර යෞවනයේ පිරූ පෙම් 

ක්‍ෂුද්‍ර වීනම් පාරමී දම් 

භද්ද කච්චායනා නොවුණත්  

ඉඳ්‍රඛීලය සේ හිඳින්නම්!

 

මැකී අඩසඳ අඳුරු රෑ මැද​

හොවා මා පුතු රහල් ළමැදට​

රැඳෙමි මියැදුන මතක පොදි මැද​

වැළඳ ගෙන කොසඹ තුර

මියුරු මී වදය ලෙස​


සෙනෙහසම යෙහෙකැයි පැතූ මුත්

සොයා ආවා නොවෙයි රජ සැප 

රැහැට එරෙහිව පලා ආයෙන්

​පටාචාරාවක් ලෙසින් මම​

රැහැන් පටකින් දෙපය බැඳුණම​

කෙලෙස අබිනික්මන් කරන්නද?



මල්ලිකා එම් බණ්ඩාර​

11.11.2020

No comments:

Post a Comment