හන්තාන කඳු වළල්ලට උඩින්
ඉමක් නැති ඈත ආකාසයේ
වළා කඩ දෙබෑකර
පියාපත් විදා ගෙන
සැරි සරා දැනුනාද වෙහෙසක්
මට වගේ නුබටත්
මැකී ගිය සිනා කඳු සිඳී ගිය කඳුළු බිඳු
මල් ඉහුණ පටු පාර පීර පීරා සොයමි
භද්‍ර යෞවනේ පිපි ප්රේමය
නීල තණ පලස මත
ගිළිහුණාදැයි බලමි
විඩා බර ගමන් මඟ
සිහිල් තුරු සෙවන යට
නතරවී මොහොතක්
එළාගන්නත් කලින්
සිහින පන්නම් දමා
වියාගත් පන් පැදුර
ළසෝ ගිනි අවුල්ලා
හොරු අරන් ගිහිල්ලා
අනෝරා වැහි වැටී ගඟ ඉහත්තාවට
දෙගම් බඩ ඉවුරු බිඳ ගැලූ බොර දිය කඳට
වර පටත් පිදුරුවී අතර මඟ බිඳුන තැන
කැපූ පැල ඉණි ගඟට ගිළිහිලා ගියා වන
මල්ලිකා බණ්ඩාර
1.02. 2022